12. නො....ලැබීම

172 11 1
                                    

ඉදිරි හමුව සිදු වීමට නියමිත වුයේ මුදලිගේ නිවහනේය .අදීරා එයට සුදානම් වූයේ සැලෙන සිතිනි.නේත්‍රගෙන් වළලු කරට හාදුව ලැබුණු ස්ථානයේ වේදනාව සුව වී ඇති නමුත් මතකය තවමත් නැව්ම් සහ උණුසුම්ය . ඉන් අනතුරුව ඔහුගේ නැවතීම ඇයට නොරිස්සුමකි....ඒ අසම්පුර්ණ ස්පර්ශය ඔහු කිසියම් වෙලාවක සම්පුර්ණ කරන තෙක් සමනලයින් බලා හිඳීවි.

සැරසී අවසන ඇය කැඩපත දෙස බලා උන්නාය. කළු පැහැ ඩෙනිම් කලිසම...  උඩු කය වසා ගත් ලා දම් පැහැය ඇයට ගැලපෙනවාද... වසර තුනකට පෙර පීසා හට් තුලදී දුටු නේත්‍රගේ මිතුරියන් ඇයට සිහි විය... අක්කා සිහි විය.... ඔව්න් ඉතා සුන්දරව අඳි පළදී.
සාපේක්ෂව ඇගේ ඇඳුම් ස්වභාවය නීරසද..?
අක්කා කොණ්ඩය නොයෙක් වර්ණයෙන් හැඩ ගන්වයි... හිතුනු පරිදි කපයි... වවයි...
මතක ඇති කාලයක සිට අදීරාගේ කොණ්ඩය ඒ ආකාරයමය...මුහුණ ඒ ආකාරයමය.
කොණ්ඩය... ඇඳුම් පිළිවෙත වෙනස් කර  නා නාවිධ ආලේපන ගැල්වුවහොත් නේත්‍ර ඇයට ආකර්ෂණය වෙයිද.... ආදරයක් ඇති වෙයිද..?

සුසුමක් හෙලා අදීරා කැඩපතින් ඉවත් විය. ඔහුගේ හදවත දිනා ගන්නට කුමක් කල යුතුද... ඔහු සුදුසු බිරිඳක් ලෙස ඇයව තෝරා ඇති මූත් ඒ ආදරය නොවේ... අදීරාට අවශ්‍ය පුර්ණව ඔහුගේම වී ඔහු පුර්ණව ඇයගේ වීමටයි... එය කවදා නම් සිදු වෙයිද...නැතිනම් එය අසම්භාව්‍ය සිදු වීමක්ද...?
සියළුම සිතුවිලි අග ප්‍රශ්නාර්ත ලකුණක් ඉතිරි වේ.

යුවතියගේ තැවීම දැනුනු කැඩපතට සිනහ පහළ විය . ආදරය කෙසේ වෙතත් නේත්‍ර ඇයට ආකර්ෂණය වී හමාරයි.එහෙත් මහ මෙරක් වන් ආදරයක් යදින හදවතකට ආකර්ෂණය වැලි කැටයක් පමණයි.
එපරිදිම ආදරය සහ ආකර්ෂණය අතර ඇත්තේ විටෙක දශමයක විටෙක ආලෝක වර්ෂයක වෙනසකි.

මෝටර් රථයෙන් බිමට බැස සැමට පසු පසින් ඇයටම ආවේනික නිසංසල රිද්මයට ඇවිදන් එන අදීරාව නේත්‍ර දුටුවේ අක්කා සහ අම්මාගේ හිස් දෙක අතරිනි .. ලා දම් පැහයේ සෙවනැලි ඇගේ වත මත තැවරි
විහිදි  ඇත.
ඔහුට ඇය කෙරෙහි ඇති ආකර්ෂණය ඔහුටම වටහා ගත නොහැකි එකකි .එය ආදරය නොවන බව ඔහු හොඳින්ම දත් මූත් ඇයව ඔහුගේම කර ගැනීමට එය ඔහු පොළඹවයි .ආත්මය දවන ආදරය අත් විඳ ඇති ඔහු යලිත් එයට කිසි සේත්ම සුදානම් නැහැ. මෙවන් සරල ආකර්ෂණයක්‌ ආරක්‍ෂිතයි...රිදීම් අවමයි.ඔහුට පහසුයි.

නේත්‍රාදීර ( Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang