4 𝚝𝚑 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁

318 26 0
                                    

කෙල්ල තමන්ගෙ වාහනෙන් ජියෝන් mansion එකට ඇවිල්ලා mansion එක ඇතුළට ගියේ මිසිස් ජියෝන්ගෙ නම කෑගහ ගෙන...

"ඔම්මාආආආආආආඅ...."

කෙල්ලගෙ සද්දේ එක්ක කුස්සියෙ හිටපු මිසිස් ජියෝන් ආවේ මේ වෙලාවෙ කවුද ආවේ කියලා දැන ගෙනමයි...කෙල්ලව දැක්ක මිසිස් ජියෝන්ගෙ මූණේ හරි ලස්සන හිනාවක් ඇදුනා...

"ආ...මේන් මෙයාට අපිව මතක් වෙලා තියෙන්නෙ..."

"අයියෝ ඔම්මා මන් මෙහෙ ආව එක ඔච්චර පුදුම දෙයක්ද..."

"නැත්තන් නැත්තන්...කෝ ඔයා අපිත් එක්ක මෙහෙ නතර වෙන්න ආවාද...නෑනේ..."

"මන් තරහයි ඔම්මා..මන් දැන් මෙහෙට ආපු එකද වැරැද්ද..."

කෙල්ල තමන්ගෙ රෝස පාට තොල් උල් කරගෙනම එහෙම ඇහුවේ මිසිස් ජියෝන්ගෙ දිහා රවලා බලන ගමන්...

"මන් දැන් එහෙම දෙයක් කිව්වද යූන්.. ඔය ඉතින් පොඩ්ඩක් ඇත්තන් ඔයා මූණ බෙරි කර ගන්නවා.."

"කෝ මෙහෙට එන්න මගෙ හුරතලී...ලොකු වුනාට තාම පොඩි බබෙක් වගෙ..."

"පොඩියි තමයි මන්...අවුරුදු 22ක් කියන්නේ මහ ලොකු වයසක්ද..මන් තාම ඔම්මාගෙ චූටි දුව...අප්පාගෙ යූන්...ඒ වගෙම මගෙ බනීගෙ......."

කෙල්ල ඒක කියන්න හදලත් නොකියා හිටියේ මිසිස් ජියෝන්ගෙ මූණ දුකින් පිරෙන කොට..

"අනෙ ඔම්මා..මන්..මන් ඒක හිතලා කිව්වෙ නෑ...ඒත් මට එයා නැතුව පාළුයි ඔම්මා..මට එයාව ඕනෙ..මගෙ බනීව ඕනි...එයා කොහෙද ඉන්නෙ ඔම්මා..."

කෙල්ල ඔම්මාව බදාගෙන ඉකි ගගහා අඬන්න ගත්තෙ...ජන්ග්කුක් හා කෙල්ල චූටි කාලේ මතක් වෙලා. .කෙල්ලව කොල්ලව දාලා යනකොට හරියට කෙල්ලට අවුරුදු 12යි...

එදා කෙල්ල තමන්ගෙ බනීව දාලා යන්න බෑ කියලා හොදටම ඇඬුවා...ඒත් කෙල්ලට සිද්ද වුනා කොල්ලව දාලා රට යන්න...එදා දැක්කට පස්සෙ කෙල්ල කොල්ලව දැක්කෙම නෑ..අවුරුදු 10කට පස්සෙ කෙල්ල ආයේ කොරියා ආවම දැන ගන්න ලැබුනේ කොල්ලා අවුරුදු 5කට කලින් අතුරුදහන් වෙලා කියලා..මිස්ටර් ජියෝන් මුළු කොරියාමෙ හොයලා බැලුවත් තාමත් එයාලට කොල්ලාව හොයා ගන්න බැරි වුනා...

Cold Daddy || JJK || Ongoing..Where stories live. Discover now