"තාත්තේ"
මිදුලෙ තිබුනු කලු පාට ගල් බංකුවේ ඉදගෙන, ගෙදරට ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ තිබුනු ලා කොල පාට තේ වතුයාය දිහා බලාගෙන මහ බර කල්පනාවක වැටිලා හිටිය හසොරුගේ නෙත් එයින් මොහොතකට පියවි සිහියට ආවෙ ඒ ළපටි කටහඩ ඇහුන පැත්තට හැරෙන ගමන් එයට උත්තර දෙමින්
"ඕ"
"කොඑද අලේ ඔයා ඉන්නෙ....? පොද්දක් එල්ලකො"
පොඩි කොලු පැටියා චාටුවෙන් වගේ කතා කෙරුවා.
ඉදන් හිටිය පුටුවෙන් නැගිටලා පොඩි හිටියාගෙ පැත්තට යන ගමන් හසොරු එයා දිහා හරි ආදරෙන් බලන් හිටියා
"මෙන්න ආවා.... දැන් ඇයි කියන්නකො කතා කලේ"
තද කොල පාට , හුරුබුහුටි බෝල ඇස් දෙකක් තියෙන ඒ ඇස් වලටම ගැලපෙන්න වගේ තිබුන රෝස පාට තොල් දෙකක් එක්ක පිම්බිච්ච මූනයි ඒ මූනට වැටිලා තිබ්බ චූටි කෙහි රැලි කීපයකුත් නිසා අවුරුදු 5 විතර උන පොඩි හිටියාට හරි හුරු බුහුටි පෙනුමක් තිබ්බා
"තාත්තෙ මං දෙයක් අහල්ල ඔයා මත බලිල්ලෑ නේද?"
චූටි රෝස පාට තොල් දෙක උල් කරන ගමන් පොඩි හිටියා ඇහුවා
"මොකක්ද කියන්නකො බලන්න"
"මුලින්ම බලිල්ලෑ කියල්ල"
"හරි හරි බනින්නෑ....කියන්නකො"
පොඩිහිටියා කතා කරන විදිහ දිහා හසොරු හරි ආසාවෙන් බලන් ඉන්න ගමන් පොඩි හිටියා දිහාට නැමෙන ගමන් කිව්වා
YOU ARE READING
Eata Herido (It Hurts)
Romanceතාම මේ කතාව කියවල නෑ!!!! කියවලා නෑ!?!?!? How sadddddddd. Try කරලා බලන්න.... ආ...ස්සා හිතෙයි...... ඔයාට මේ කතාව ඇත්තටම කියවන්න ඕනෙනම් description එක බල බල ඉන්න එපා......කතාවෙ පලවෙනි chapter එකෙන්ම පටන් ගන්න කියවන්න......මොකද මේකෙ වෙන දේවල් descripti...