2009 වර්ශය...........
'ටිලිං ටිලිං ටිලිං'
"අප්පට සිරි අන්න බෙල් එක ගැහුවා යමන් යකෝ ඉක්මනට"
ඉස්කෝලෙ ගේට්ටුවට මීටර් 5 විතර එහායින් ඉස්කෝලෙ එන ගමන් හිටිය 10 වසරෙ විතර ගෑනුළමයෙක් දුවන ගමන් කිව්වා
එයත් එක්කම දුවන එයාගෙ යාලුව කතාව පටන් ගත්තෙ.....
"ඇයි උඹ වෙන්දටත් බෙල් එක ගැහුවා කියලා දුවන් ගිහිල්ලා තියෙනවද? උඹ වෙන්දා මේ වෙලාවට තාම හන්දියෙ ඉදන් ගාටනවා"
"එ වෙන්දටනෙ අද එහෙම බෑනෙ"
ඒත් එක්කම මෝඩ ජෝඩුව කොහොම හරි විනය බාර සර් ට මාට්ටු වෙන්න කලින් ඉස්කෝලෙට ඇතුල් උනාත් එක්කම අද 7.30 කලින් ඉස්කෝලෙ ඇතුලට යන්න හේතුව කියන්න ගත්තා
" හම්.. අර බලපන් අරක තමයි හේතුව"
කියලා අලුත් uniform ඇදන් හිටිය හරියට කොක්කු රෑනක් වගෙ හිටපු පිරිමි ළමයි ටිකක් පැත්තට ඔලුවෙන් පෙන්නන ගමන් කිව්වා
ඔව් එදා තමයි අලුත් A/L පන්තියට ළමයි හාහා පුරා කියලා ඉගෙන ගන්න කියලා උදේම ඇවිල්ල තිබ්බෙ. කලින් සතියෙ සිකුරාදා තිබ්බ interview එකෙන් පාස් වෙලා තමයි එයාලා මේ ඉස්කෝලෙට තෝරන් තියෙන්නෙ ඉස්කෝලෙට වැඩදායි , ආදර්ශමත් ළමයෙක් වෙයි කියලා හිතලා.
ඔය ඉස්කෝලෙ A/L section එකේ ළමයි කොච්චර ආදර්ශමත්ද කියනවනම් වාරෙකට සැරයක් වලියක් බේරන්න අනිවාර්යයෙන් පොලීසියෙන් එනවමයි.....
ඒතරමටම ආදර්ශමත් සිසු පිරිසක් ඉන්නෙ මේ පාසලට
"අද පරක්කු වෙලා ඇවිල්ලා කොහොමද බන් උන් ඉස්සරහා රෙද්දක් ඇදන් තණකොළ ගලවන්නෙ....."
"එකත් ඇත්ත හැබැයි...... අම්මොහ් අලුතෙන් හෙන සෙට් එකක් ඇවිල්ලා නේ... ඒ නෙත් මා වශී කලා මාගෙ මිතුරිය"
"එසේය එසේය..... පිරිමි පාර්ශවයේ සමහරුන්ට මට වඩා රන හංස යුවල අලංකාරව පිහිටා තිබේ.... ඔව්න්ගෙ උස..... අහෝ දෙවියනේ...."
"ඒකනෙ නෙමේ සිරාවට මටවත් නෑ ඒ තරන්"
ටිකක් දුක හිතුන මූනකින් අලුතෙන් ඉස්කෝලෙට ආව කොල්ලන්ගෙ එතන බලන ගමන් කිව්වා
YOU ARE READING
Eata Herido (It Hurts)
Romanceතාම මේ කතාව කියවල නෑ!!!! කියවලා නෑ!?!?!? How sadddddddd. Try කරලා බලන්න.... ආ...ස්සා හිතෙයි...... ඔයාට මේ කතාව ඇත්තටම කියවන්න ඕනෙනම් description එක බල බල ඉන්න එපා......කතාවෙ පලවෙනි chapter එකෙන්ම පටන් ගන්න කියවන්න......මොකද මේකෙ වෙන දේවල් descripti...