- සියල්ලට ප්‍රථම -

1.1K 117 26
                                    


වෛරය කියන්නෙත් බලයක්.
ඇයි අපිට බැරි අමනාපය , වේදනාව කියන මේ ඍනාත්මක බලයන් භාවිතා කරලා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයන්න.

ත..තමුන්

මන් කිව්ව දේ වැරදියි ද ?

වෙයි වූශියෑන් ! තමුන් කොහොමද !

මන් හරි උත්තරය දන්නෙ නැතුව නෙවෙයි. ඒත් හතර වෙනි විදිහක් හිතල තියෙන එක නරක නෑනේ. වැරදිලා හරි ඔබේ කඩුව කැඩිලා ගියොත් නිරායුධ වෙලා මැරෙනවට වඩා අමනාප ශක්තිය භාවිතා කරන එක හොද නැද්ද ?

ඒකත් ඇත්ත.

නිකන් තියෙන එකේ මලවලා කෑවම මොකද ?

මිරිස් දාලා , ලුණුත් දාලා , අඩුවට පොල් එහෙමත් දාලා තව මදිනම් වංගෙඩියෙ දාලා කොටාගෙන හරි, මිරිස් ගලේ දාලා හීනියටම අබරලා හරි තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් අපේ ආච්චි අම්මගේ කිරි කොස් වෑංජනේ නම් පංකාදු පහයි. මඤ්ඤොක්කා කොළ නම් එපා මයි මට. දත් වල ඇලුනම අපෝ ඒවා සුද්ද කරන්න ගියාම විටමින් ඌනතා හින්දා කඩතොලු වෙලා තියෙන නියපොතු වලටත් බනින්න හිතෙනවා. කැත නියපොතු මගේ. ඌරන්ට මොන සෞඛ්‍යයද අනේ මන් කවදද ඕවා සුද්ධ කරේ.

කන් දෙදරන්න ඇහෙන යක් බෙරයේ සද්දේ දැන් දැන් දරාගන්නම බැරි තරම්.
තොවිල් ගෙයක් අස්සේ පොත් කියවන්න. අනේ මයේ අම්මේ ඔච්චර පාඩම් කරන්න එපා මේ ගෑනුන්ගේ ඇස් වහ වදීවි මගේ රත්තරන්ට කියලා අපේ ආච්චි අම්මා දහ පාරකට වඩා ඇවිල්ලා මගේ කනට කොදුරලා ගියා.  එයාට අනුව මන් මොන පොතක් කියෙව්වත් ඒක පාඩම් කිරීමක්.

" ගල් දෙදරවාගෙන වර..
සොහොන් බිද දමා වර..
සාගින්නේ නම් කන්නට වර..
කාලා වැඩි නම් නිදාගන්නට වර..
නිදි නම් ඇහැරලා වර..
ඇහැරලා නම් හනිකට වර..
අසුන් නින්දේ අලින් නින්දේ..
මුවන් නින්දේ කොටින් නින්දේ..
මුලු සක්වලක් නිදියන වෙලාවක...
පොළව පළාගෙන වරෙල්ලාආආ..."

ඇස් දෙක පියාගෙන ප්ලාස්ටික් පුටුවේ පස්සට බර වෙනවත් එක්කම ඔලුවට උඩින් පියෑඹුවේ වවුලෙක්. ම්ම් ගදේ බෑ.
මනුස්ස ලේ බොන වව්ලෙක් වත්ද මන්දා.

ආතුරයා || Nonfic BlWhere stories live. Discover now