- පරිච්ඡේදය 04 -

459 103 167
                                    


මම මොකක්ද කරන්න ඕන. ඔයාට හරියටම ඕන දේ මොකක්ද ? එක තීරණයක් ගන්න පුංචි ගුරුන්නාන්සේ..

මම ගන්නේ වැරදි තීරණයක් නම් !

මම කලිනුත් ඔයාට කිව්වනේ පුංචි ගුරුන්නාන්සේ. මගේ නීතිය ඇතුලේ ඔයාගේ තීරණයක් කවදාවත් වැරදි වෙන්නේ නෑ.

මන් එහෙම කරාට කමක් නැද්ද ? මම අහන්නේ එයා එහෙම කරා තමයි. ඒත් ඒත්..

ඔයා මුලින්ම ඔයාගේ හිත එක තැනකට ගන්න ඕන. හැගීම් වලින් සසල වෙන හදවතයි බුද්ධියේ මුදුන් මුල වෙන මොළයයි දෙකම එකම රේඛාවකට ගන්න. ඔයා කරන්න යන්නේ කෙනෙක්ගේ හිතේ නැති හැගීම් කා වද්දලා ඒවාගෙන් ඒ කෙනාව නැති කරන්න නෙවෙයි පුංචි ගුරුන්නාසේ. ශාපය ක්‍රියාත්මක වෙයි තාමත් හිතේ වෛරයක් , ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්.
එහෙම නැත්නම් එකම එක රෝම කූපයක් වත් හෙලවෙන එකක් නෑ. තේරුනාද මගේ මැණිකෙට ? ම්ම්..

එහෙනම් ඒක කරන්න.

කරමු.අපි කරමු. අනිවාර්යයෙන් කරමු. ඔයා බලාගෙන ඉන්න. පුංචි ගුරුන්නාන්සේ දන්නෙත් නැතුවම ඉර බැහැලා ගිහිල්ලා හද පායගෙන එන හැටි ඔයාට පෙනෙයි. හහ් හහ් හාආආආආආඅ !

කවදාකදෝ අපහැදිලි මතකයන් වගයක් ඔලුව පුරා දුවනවා මට දැනුනා.
බොදවුනු රූපයක් මගේ ඉස්සරහ නොනැවතී එහා මෙහා ඇවිද්දා. වෙලාවකට මගේ ළගට ආවා. වෙළාවකට ඈතට ගියා. මතකයන් අස්සේ පා වුනු රූපය රූප දෙකක් වෙද්දී
සම්පූර්ණ හීනයම රතු පාටකින් වැහිලා ගියා. ඒ රතු පාට හරියට කුණු ලේ පාට වගේ. හදවතට අපිරිසිදු රුධිරය අරගෙන එන ශිරා වල දුවන ලේ වල පාට වගේ. මඩ පාට ලේ ද කලු පාට ලේ ද. අනේ මන්දා..

" මුතූ..මුතූ..නැගිටපන්කෝ පුතේ..
මුතූ මයේ අම්මා..ඇස් දෙක ඇරපන්කෝ..අනේ මහත්තයා මොන වින්නැහියක්ද දෙයියනේ මගේ කොල්ලට මේ උනේ.."

හෝ ගාලා ඇද හැලෙන වැස්සේ සද්දෙයි හුළගේ සද්දෙයි එක්ක අත් වැල් බැද ගත්ත ආච්චි අම්මා ඉකි ගහන හඩ. මාව ආයේ කලන්තෙ දාල ද ? ඉන්න. මට මතකයි මාව කලන්තෙ දැම්මේ බයට. මන් හිටියේ ඉස්තෝප්පුවේ තිබුනු රවුම් ලී බංකුව උඩ ඉදගෙන උනත් දැන් මම හිටියේ ඇද උඩ දිගාවෙලා කියලා මට දැනුනා. සමහරවිට අමාරුවෙන් උනත් සීයා තාත්තා මාව උස්සගෙන එන්න ඇති..

ආතුරයා || Nonfic BlWhere stories live. Discover now