** 8 **

152 10 1
                                    

අනේ මගේ හා පැටියෝ ඔයා ඔහොම හැංගුනාට දවසක ඔයා මගේම තමයි ඉතින්....!!

මං මගේ හා පැටියගේ වැහුන දොර දිහා ටික වෙලාවක් බලන් ඉදලා වොශ් එකක් දාගන්න බාතෲම් එකට ආවා.

මම වොශ් දාගෙන ඇවිත් සාලෙන් වාඩිවෙලා ඉද්දි එයත් වොශ් එකක් දාගෙන එන්න ගියා.

ඒත් එක්කම මගේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙ ඇහිලා මම ආපහු රූම් එකට ආවා.

..................................

"හෙලෝ මමා"

"තමුන් කොහෙද ඉන්නේ තේව්"

"මමා මම කොලඹින් ටිකක් එලියට ඇවිත් ඉන්නේ. මොකද්ද ප්‍රශ්නේ"

"ප්‍රශ්නේ..........අහන ලස්සන විතරක්..... ප්‍රශ්නේ තමයි තමුන් හිටපු ගමන් මොකටද කොලඹින් ගියේ. අනිත් එක කොහෙද දැන් තමුන් ඉන්නේ"

"මං ඉන්න තැන ගැන මමා කරදර වෙන්න ඕන නෑ. මම පොඩි එකෙක් නෙවෙයිනේ හැමදේම ඇගිල්ලෙන් ඇන ඇන මට කරන්න ඕන මොකද්ද නොකරන්න ඕන මොකද්ද කියලා කියන්න"

"තමුන්........තමුන් දැන් මට එකට එක කියාගෙනත් එනවද ආ........"

"මමා ඇයි කතා කරේ කියන්නකෝ"

"තමුන් කොහේද ගියේ කියලා මට අදාල නෑ හැබැයි හෙටම තමුන් ආපහු කොලබ එන්න ඕනේ..... එච්චරයි"

"නාවොත්......"

"තමුන් අනිවාරෙන්ම හෙට එන්න ඕන තේව්. ලිතුකි දුවත් එක්ක හෙට තමුන් ඒ ගමන යන්නම ඕනේ. නැත්තන් තමුන්ට පහුවෙනකොට ගොඩක් කරදර විදින්න වෙයි තේරුනාද"

"යුගී අයියේ කන්න එන්ඩෝ..........."

"තේව්........ කවුද ඒ කතා කරේ ආ......."

"මං පස්සේ කෝල් එකක් ගන්නම් මමා"

මං කෝල් එකේ ඉන්න අතරතුර නිතූ ගේ ඇතුලේ ඉදන්ම මට කතා කරා කෑම කන්න එන්න කියලා. ආහ්.... ඒක මමාටත් ඇහුනනේ. දැන් එයාගේ උසාවියට කට උත්තර දෙන්න ගියාම තමයි එපාම වෙන්නේ.

"යුගී අයියේ........ කන්න එන්නේ නැද්ද"

නිතූ කලින් කතා කරාට මම මුකුත් කිව්වේ නැති නිසා මේ කොල්ලා මාව හොයාගෙන කාමරේටම ඇවිත්.

......~හුස්ම නුඹ මගේ~...... || YiZhan ff || 🌍🫀💍Where stories live. Discover now