📈📉📈📉📈📉📈📉📈📉📈📉📈📉
අද වෙනදටත් වඩා කලින්ම මම ඔෆිස් එකට ආවා. අද ඉතින් අපේ කම්පැණි එකට විශේෂ දවසක්නේ. අද තමයි Annual Function එක තියෙන්නේ. ඒකෙදි අලුත් CEO වත් හදුන්වලා දෙනවා කියලා තමයි ඉතින් ඔෆිස් එකේ අය කතා උනේ. දන්නේ නැද්ද ඉතින් ඔය පොඩි පොඩි ඕප දූප අපේ කනටත් වැටෙනවනේ.
මම ඇවිත් විනාඩි දෙක තුනක් යද්දි මගේ ටීම් එකේ ඔක්කොම අය ආවා. අපිට අද මේකේ decorations ටික බලන්න කියලා බොස් කිව්වනේ.
අපි තමයි මේ කම්පැණි එකේ designer team එක. ප්‍රොජෙක්ට් වල designing කරා කියලා අපි කොහොමද අප්පේ function එකක් decorate කරන්නේ. වැඩ නැතුවට වැඩනේ අපිට.
"ආදි , බොස් ඔයාට කැබින් එකට එන්න කිව්වා"
"හරි මං එන්නා.......ම්"
මං හිටියේ cafeteria එකේ කෝපි එකක් බොන ගමන්. අපේ බොසාගේ සෙක්ට්‍රි සසිති අක්කා ඇවිත් පණිවිඩේ කියලා යන්න ගියා.
මම ඉතින් කෝපි එකත් පැත්තකින් තියලා බොසාගේ කැබින් එකට ආවා.
"Excuse me sir, may I come in"
මට බොසා ඇතුලට එන්න කියපු නිසා මාත් ඉතින් ඇතුලට ගිහින් බොස්ගේ ඉස්සරහ පුටුවෙන් වාඩි උනා
"ආදි අද function එකේ වැඩ ටික හරිද"
"වැඩ ටික ඔක්කොම හරි සර්.මම තව ටිකකින් කවින් අයියත් එක්ක හොටෙල් එකට යන්න හැදුවේ ආපහු චෙක් කරලා එන්න"
"ඒක හොදයි"
මම කැබින් එකේ ඉදන් ආවේ මගේ යුනිට් එකට.
"කවීන් අයියේ යමුද"
"හරි යං"
කවීන් නෙලීෂ
වයස 29කවීන් අයියයි මමයි දෙන්නම ආවේ අද function එක තියෙන හොටෙල් එකට. හොටෙල් එකේ decorations ටික ඉවරයි.තව පොඩි පොඩි වැඩ වගයක් තමයි තියෙන්නේ.
YOU ARE READING
......~හුස්ම නුඹ මගේ~...... || YiZhan ff || 🌍🫀💍
Hayran Kurguසැහැල්ලු ජීවිතේකට උරුමකම් කියන අහිංසක දඟකාර සාමන්‍ය කොල්ලෙක් -නෙතුෂ් ආදිත්‍ය- වගකීම් ගොඩකට හිරවුණු ඒ වගකීම් නිසා හිත අස්සේ ඉපදෙන හැගීම් හිතේ හංගපු සල්ලිකාර කොල්ලෙක් -තේව් යුගාන් අධිකාරි- තේව්ගේ හිතේ හිරකරපු හැගීම්...