දොලොස්වන ගැස්ම ❤️

584 126 84
                                    

කලින් චැපියේ කමෙන්ට්ස් ශෝක් අනෙව්..තැන්කිව් ඒවට..මාර ආසයි එහෙම අදහස් දක්වද්දි ඔයලා..පරක්කු වෙනවට සොරි..ඔයාලට කලිං චැපිය අමතකත් ඇති පරක්කු වෙන නිසා..🥲




"මොකද ලොකූ ඒ ?"

"මන්දා අම්මා..ජෙට් එක වගේ මාවත් දාලා ආවේ.."

අම්මගෙයි අයියගෙයි සද්දේ එලියෙන් ඇහෙද්දි මම දොරට පිටදීලා හිටගත්තේ ගැහෙන පපුවට අතක් තියාගෙන..මොකක්ද යකෝ ඒ උනේ..අයෝන්..කොහොමද..එහෙම..ඒ මගෙ ෆස්ට් කිස් එක..ඒත් ඇයි අයෝන් එහෙම දෙයක් කරේ..මම කම්මුලටත් ගැහුවා..

"මොන හු*%# යකෝ මේ.."

තාමත් අසාමාන්‍ය විදිහට ගැහෙන පපුවට එකක් හයියෙන් ගහගන්න ගමන් මම ඇදට පැන්නේ නැවත නැවත ඒ සිදුවීම මට රිපීට් වෙවී පෙනෙද්දි..එවෙලෙ අයියාවත් දැක්කා නං..අයෝන් මට කැමතියිද..ඒකද ඌ මගෙ වටේ කැරකුනේ..ඒත් මම එයාගේ සර්..අනික මට වඩා ඒකා අවුරුදු පහක් හයක් බාලයි..එයා කොහෙද මගෙන් අහන්නෙවත් නැතුව එහෙම කරේ..මම මගෙ තොල් ඇගිලිවලින් ඇල්ලුවේ අසිහියෙන් වගේ..ඇද උඩ තිබුණ අනික් කොට්ටේ අරං මම ඒකේ මුල්ලක් හපන්න ගත්තේ ගැස්සුන හිත හදාගන්න..

මම කොහොමද දෙයියනේ ආය ඒකගේ මූන බලාගෙන උගන්නන්නේ..නැත්තන් මේකා මාව ආතල් එකට අරගෙනද..සැරින් සැරේට එක එක විකාර හිතට එද්දි මම කොට්ටෙට මූනත් තද කරගෙන කකුල් දෙක ගැසුවේ පොඩි එකෙක් වගේ..

📲📲📲📲📲

I’ll be standing by you till the end
Yeah, we built it over trust
I’ll never get enough
You got me all in love with you

ඒ එක්කම මගෙ ෆෝන් එක කෑ ගහන්න ගන්නකොට මම බැලුවේ කවුද කියලා..

Unknown number

මේ වෙලාවේ කවුද..

"හෙලෝ චූටි සර්.."

ආර්‍ර්හ්හ්හ්..මේකද මේ ?? මගෙ නම්බර් එක කොහෙන්ද යකෝ..එහා පැත්තෙන් අයෝන්ගේ හඩ ඇහෙද්දි මම සද්ද නැතුව හිටියේ එයත් චූටි සර් කිය කිය මට කතා කරද්දී

"වචනයක් වත් කියනවකෝ අයියේ.."

ආආආ..ඒ පාර අයියෙලු...

ඇයි යකෝ මගෙ පපුව මෙච්චර හයියෙන් ගැහෙන්නේ...

මට හාර්ට් ඇටෑක් එකක් !

Heart needs a beatWhere stories live. Discover now