"විශාල් සර් ඉන්නවද ? මට පොඩ්ඩක් සර්ව හම්බෙන්න ඕන.."
"ම්ම්..අප්පච්චි නං ඉන්නවා..ඒත් මේ වෙලාවේ ඇයි ? "
"වැදගත් පණිවිඩයක් දෙන්න තියෙනවා.."
මම ආපහු වෙඩින් හෝල් එක දිහා බලලා පොලිස් යුනිෆෝම් ඇදගෙන ඉන්න මනුස්සයා දිහා බැලුවා..යකෝ වෙඩින් එකටත් එනවනේ මේවා උස්සන්..අනික අප්පච්චි චාරිත්‍ර කරන තැන ඉන්නේ..
"ආදිත්..මොකක්ද ප්‍රශ්නේ ?"
"අහ්..නෑ අමන්දා ආන්ටි මේ අප්පච්චිව පොඩ්ඩක් හම්බෙන්න ඕනලු..අප්පච්චි වැඩක්ද ඇතුලේ ?"
"ඔව්..මම ඔයාවත් එක්ක යන්න ආවේ..මේ වෙලාවේ එයාව හම්බෙන්න බෑනේ..මිස්ට පස්සේ වෙලාවට එන්න..පේනවනෙ මෙතන වැදගත් වැඩක් කියලා..ආදිත් එන්න යමු.."
අමන්දා ආන්ටි යද්දි මමත් අර මනුස්සයා දිහා බලලා ඇතුලට ආවේ අක්කයි අයියයි දෙන්නා එලියට එන්න ලෑස්ති වෙන ගමන් ඉද්දි..මැරේජ් function එක ඉවර උනත් අක්කගෙයි අයියගෙයි යාලුවන්ට වෙනම function එකක් arrange කරලා නුවරඑළියේ..නුවරඑළි පැත්තේ අක්කගෙ තාත්තගේ විලා එකක් තීනවා කියලා එහෙ තමයි මෙයාලා දැං යන්නේ..ඒක තියෙන්නේ හෙටලු..අමන්දා ආන්ටිලගෙ පවුලෙ අයත් ඔක්කොම නුවරඑළි ගියා..දෙවෙනි පරම්පරාවේ සෙට් එක තමා දැං මෙහෙ හොටෙල් එකේ තාම ඉන්නේ..කට්ටිය හෙට උදේම යන්න ඉන්නේ..
හේතුව මුං හදන්නේ රෑ වෙලා බෝතල් පාටියක් දාන්න..සමීර් අයියත් අයෝන්ලා එක්ක හිටියේ එක වැඩිහිටියෙක් හරි ඉන්න ඕන හින්දා..බෝතල් පාටිය ගැන දන්නෙත් අපි සෙට් එක විතරයි..වැඩිහිටි පරම්පරාව හිතන්නේ මහන්සි හින්දා හෙට උදේ එන්නම් කිව්වා කියලා..මමනං ආය නුවරඑළියේ යන්නෑ..දැනටමත් ක්ලාස් දෙකක් පාඩුයි..
කොහොමහරි කට්ටිය පිටත් උනාට පස්සේ ආපු අයත් එකා දෙන්නා පිටත් උනා..දැනටමත් ආපු ගොඩක් අය ගිහින් තිබුණේ..
අපේ පැත්තේ නෑයෝ සමහරක් අද නවතින කතාවක් කිව්ව හින්දා අම්මටයි අප්පච්චිටයිත් යන්න උනා..චූටිව දාලා යන්න බැරි හින්දා එයාවත් එක්ක ගියා..විවාන් විතරයි මාත් එක්ක නතර උනේ..ඒකා ඉන්නවා කොකා කෝලා බිබී..නැන්දයි මාමයි මේකට බොන්න දෙන්නෑ කොහොමත් දහ අටක්වත් නෑනේ..කොහොමහරි මම අද දැනගත්තා අයෝන් කියන්නේ මම හිතාගෙන ඉන්නවට වඩා වෙනස් කෙනෙක් කියලා..මම වගේ අලුතින් ආව පිරිසක් ඇරෙන්න අයෝන්ව නොදන්න අය බොහොම අඩුයි..කෙල්ලොද කොල්ලොද හැමෝම වගේ මේ සෙට් එකව දන්නවා..අනික අමන්දා ආන්ටිලා එහෙම ඉද්දි බෝධිසත්ව පාට් එකේ ඉදලා එයාලා ගියාට පස්සේ තමා මුං බෝතල් උස්සගෙන ආවේ..පැයක් දෙකක් විතරම අයෝනුයි තව ගොඩක් කොල්ලෝ කෙල්ලොයි කයිය ගගහා සමහරු නටන ගමන් සප්පායං උනා..ඒත් මම දැක්කා අයෝන්ගේ ඇස් සැරින් සැරේම මං ගාව නවතින විදිහ..
YOU ARE READING
Heart needs a beat
Romanceඅහසින් වැටෙන දිය පොදට ආලය බදිමි.. සිසිලස පහව යන තෙක් උණුසුම යදිමි.. සිසිලස දුරුවන තුරු.. හදවතේ ගැස්ම ඇති තුරු.. ඔබට පමණක් ආලය කරමි.. චූටි අයියා 🍀 මතකයන් කෙතරම් සොදුරු ද ? ඒ සුවද දෙන මතක පොකුරු පොදි බැද.. ම...