"අඩේ සර්..අර බලන්නකෝ.."
"අප්පටසිරි අයෝනයගේ සෙට් එක නෙහ් !"
"ඔව් ඔව්..උබේ හොර මිනිහා තමා !"
"මොකද ලමයි මේ සද්දේ ?"
ලමයෙක්ට ගානක් කියලා දෙන ගමන් උන්නු මම ඇහුවේ එකපාරට කට්ටිය කෑ ගහන්න ගත්ත හින්දා..කොරිඩෝවෙන් කොල්ලෝ පේලියක් මොනවහරි කොලයක් උඩට කරගෙන අල්ලගෙන එනවා පේද්දි මම දොරෙන් එබිලා බැලුවේ ඇයි ලමයි හිනා වෙන්නේ කියලා..
අවේලාවේ වීදි සංචාරයට දඩුවම් !
"පුහ් !!"
අයෝන් අල්ලන් ඉන්න කොලේ දැකලා මට හිනා ගියේ ඌ රවාගෙන මගෙ දිහා බලද්දි..ඒ ෆෝ සයිස් කොලේක ප්‍රින්ට් කරලා තිබ්බ වචන සෙට් එක දැක්ක ගමන් මටත් ලමයි එක්කම ගියා..අයෝන්ට පිටිපස්සෙන් හසිරු සෙනුක් හිරාන් තුන්දෙනත් ඉන්නවා පොත් ඔලුව උඩ තියාගෙන..ඊට පිටිපස්සෙන් ප්‍රින්සිපල් සර් වේවැලකුත් අතේ තියාගෙන හිටියේ මම හිනාව කාගෙන පංතිය ඇතුලට යද්දි..හසිරුවා ප්‍රිෆෙක්ට් කෙනෙක්ද කියන්න මට ඇත්තටම සැකයි දැං !
"අප්පට අයෝ ! මොකද බං ඔය වීදි සුනඛයෝ වගේ.."
විශූ නෝන්ඩියට වගේ කියද්දී අයෝන් මැද ඇගිල්ල පෙන්නුවේ සංගීතුත් සමච්චලේට වගේ සෙට් දිහා බලන් ඉද්දි..දැං ඔය ඉන්නේ ලමිස්සියෝ ටික වගේ..
"ඔන්න ආදිත් සර් මම යාලුවෝ ටිකක් ඉස්කෝලේ වටේ එක්ක යනවා..මුන්ට පංතියේ ඉන්න බෑනේ.."
ප්‍රින්සිපල් සර් ක්ලාස් එක ගාවට ඇවිත් කියද්දී "ලමයි ඔක්කොම අර සෙට් එක දිහා බලලා හිනා උනා..හොද වැඩේ..මං නං කියන්නේ හොද...ම වැඩේ !"
"ඒක හොදයි සර්..හොදට ඉස්කෝලේ වටේම පෙන්නන්න.."
මම කියද්දී ප්‍රින්සිපල් සර් හිනාවෙලා අර සෙට් එකත් එක්ක ගියේ ටිකක් වෙලා ඒ දිහා බලං හිටපු මම උගන්නන්නපටං ගද්දි..පව් හැබැයි !
"මම අද බත් ගෙනාවේ නෑ සර්..තේකක් බීලා එන්නම්කෝ..බත් කන්න තරං බඩගින්නකුත් නෑ.."
මම දිලීප් සර්ට කියලා කැන්ටින් එකට ආවේ මොනවහරි පොඩි දෙයක් කාලා තේකක් බොනවා කියලා හිතාගෙන..ඇතුලට ආවට පස්සේ දැක්කේ අර සෙට් එක ටේබල් එක්ක ඉදගෙන කන ගමන් ඉන්නවා..පෙප්සි බෝතලේ ගානේ හැම එකා ගාවම තිබ්බා..මුං බතුත් ගිලලා තව කැන්ටිමෙනුත් සතියකට හරියන්න කනවා !
YOU ARE READING
Heart needs a beat
Romanceඅහසින් වැටෙන දිය පොදට ආලය බදිමි.. සිසිලස පහව යන තෙක් උණුසුම යදිමි.. සිසිලස දුරුවන තුරු.. හදවතේ ගැස්ම ඇති තුරු.. ඔබට පමණක් ආලය කරමි.. චූටි අයියා 🍀 මතකයන් කෙතරම් සොදුරු ද ? ඒ සුවද දෙන මතක පොකුරු පොදි බැද.. ම...