CHAPTER 2❣️

64 17 6
                                    

පහුවදා උදේ පුංචි ඔමේගා ඇහැරුණා....
කවුලුව ඇරලා එළිය වැටෙනවා. පුංචි ඔමේගා ගෙ මුහුණ ඉර එළියෙන් නෑවෙනවා.
කෙඳිරිලි දෙක තුනක් පිට කරපු පුංචි ඔමේගා ආයෙමත් රෙද්ද ඔලුවෙ ඉඳන් පොරවගන්න ගියත්, ආයිමත් තමන් ඉන්නෙ තමන්ගේ ගෙදර නෙවෙයි කියලා දැක්කහම පුංචි ඔමේගා ට හැම දේම මතක් වුණා.

ජිමින් ගෙ කසාදෙ ඊයෙ වුණා වගේම ජිමින් කසාද බැන්දෙ එයා අයිති වෘක කණ්ඩායමේ නායක ඇල්ෆාගෙ එකම පුතාව කියන්නත් ජිමින් දන්නවා.
ජිමින් එක්ක කලින් දවසෙ රෑ එයාගෙ ඇල්ෆා කතා කළත් ජිමින් ඇල්ෆා දිහා නොබලපු නිසා ඇල්ෆාගෙ සුවඳ ජිමින් හොඳින් දන්නවා වුණත්... ඇල්ෆා ගෙ වැඩුණු පපුවෙන් උඩ කොයි වගේ පෙනුමක් ද තියෙන්නේ කියන්න ජිමින් තවමත් දන්නෙ නැහැ.
ඒත්.... ජිමින් මේ බැඳපු ඇල්ෆා කොහෙත්ම ජිමින් ට යෝජනා කරපු ඇල්ෆා කෙනෙක් නෙවෙයි.
ජිමින් ගෙ සහෝදරයා ජින් ට තමයි ඇල්ෆාව යෝජනා කරල තිබ්බෙ. ඒත් ඔමේගා ජින් බීටා නම්ජුන් ට කාලෙක ඉඳන් ආදරය කළ නිසා...
කසාදෙට කලින් දවසෙ ඔමේගා ජින් බීටා නම්ජුන් එක්ක පළා ගිහින්...

පාක් පවුලෙ අනාගත නායක ඇල්ෆා ට විවාහ කරල දෙන්න සුදුසු විදිහෙ ඔමේගා කෙනෙක්ට හිටියෙ ජිමින් විතරයි. ජිමින් ගෙ ඔම්මා..
වංශාධිපති පාක් ගෙ ඔමේගා එයාගෙ පුංචි ඔමේගා පුතාට ඔමේගා කෙනෙක් ජීවත් වෙන්න ඕන විදිහ හරියට ම උගන්වල තිබුණ නිසා...
නායක ඇල්ෆාගෙ පුතා පුංචි ඔමේගාව ප්‍රතික්ෂේප කරන එකක් නැති බව තමයි ඇල්ෆා පාක් පුංචි ජිමින් ව කසාදෙට ලෑස්ති කරන්න කලින් කිව්වෙ.

ඒ මොක වුණත් දැන් ජිමින් කසාද බැඳල ඉවරයි. ජිමින් දැන් නායක ඇල්ෆගෙ පුතාගෙ ඔමේගා...
හෙට අනිද්දට රැලේ නායකත්වය ගන්න ඉන්න ජිමින් තවමත් නමවත් මූණවත් දන්නෙ නැති ඇල්ෆාගෙ ඔමේගා.

ඒ සේරම දේවල් අකුණක් ගැහුවා වගේ මතක් වුණ පුංචි ඔමේගා ඇස් ලොකු කරලා වටපිට බැලුවා.
හැම තැනම එළියයි. ඒ කියන්නෙ හොඳටම එළිය වැටිලා.. උදෑසන හතේ හෝරාව පහු වෙලා කියලා පුංචි ඔමේගා ට තේරෙනකොට පුංචි ඔමේගා ට අයිති සුදු නෙලුම් සුවඳ කටුක සුවඳකට හැරවිලා...
පුංචි ඔමේගා ගෙ ඔම්මා උගන්වපු විදිහට... හරිනම් උදේ පහේ හෝරාව වෙද්දි පුංචි ඔමේගා අවදි වෙන්න ඕන.
අවදි වෙලා එයාගෙ ඇල්ෆා වෙනුවෙන් අඩුපාඩු නැතිව උදේ කෑම වේල ලෑස්ති කරන්න ඕන වගේම, ඇල්ෆාට පිරිසිදු වෙන්න වතුර උණු කරල ලෑස්ති කරන්න ඕන...
ඊටත් පස්සෙ ගෙදර කරන්න තියෙන වැඩපළ කරන්න පටන් ගන්න ඕන.. ඒකත් තමන්ගෙ ඇල්ෆා ඇහැරෙන්න කලින් මුලින් ම කියපු වැඩ දෙක ඉවර කරල තියෙන්න ඕන...

The Most Safe Place ❣️ Where stories live. Discover now