මම මගේ තීරණය ගත්තා බීටා...
සුසුමක් ගත්ත ජන්කුක් නම්ජුන් ගෙ දිහා වගේම සොක්ජින් ගෙ දිහා මාරුවෙන් මාරුවට බලනකොට නම්ජුන් වගේම සොක්ජින් ගේ ඇඟේ ලේ වතුර වෙලා ගියා.
පහසුවෙන් ම මරණයට අත වනන්න තමන් ඉස්සර වුණ බව හිතා ගත්ත නම්ජුන් තව ටිකක් හිස බිමට හරව ගනිද්දි ජන්කුක් කතා කළා.
මම කැමතියි මගේ ලඟ තමුන් දිගටම වැඩ කරනවා නම් නම්ජුන්. මම කැමතියි තමුන්ටත්... තමුන්ගෙ ඔමේගාටත් මට වංචා කරලා පැනලා ගිය එකට සමාව දෙන්න. මට පුළුවන් තමුන්ට වගේම තමුන්ගේ ඔමේගාට අමාත්‍ය පාක් ගෙන් එන්න පුළුවන් තර්ජනය වලින් පරිස්සම් වෙන්න උදව් කරන්න.
ඒත් ඒ වෙනුවෙන් මට තමුන්ගේ එක උදව්වක් ඕන.. කියන්න... ඒ දේ කරන්න කැමතිද....?මො... කක්?
නම්ජුන් ට ඇස් අදහා ගන්න බැරි වුණා. ඇල්ෆා කුමාරයා එයාට ආයෙමත් තමන්ගෙ සේවය අවශ්‍ය බව කියනවා. මේ වෙනකොටත් ඇල්ෆා ගේ රන් අසිපතෙන් බෙල්ල කඳෙන් වෙන් වේවි කියලා හිතාගෙන හිටිය නම්ජුන් ට තමන්ගෙ කන් දෙකට ඇහුණු දේ අදහ ගන්න බැරි ව අවිශ්වාසයෙන් වගේ ඇස් හැරෙව්වෙ ඇල්ෆා දිහාට.
මම ඇහුවේ අද ඉඳන් ආයෙත් මට සේවය කරන්න කැමතියි ද කියලා.
ඒ ඇරෙන්න නම්ජුන් ට වෙන ඕන තරම් විකල්ප තියෙනවා..නෑ... ඇල්ෆා..
මම ලොකු වරදක් කළේ. ඒ වැරැද්ද නිවැරදි කරන්න මට මොනවද කරන්න පුළුවන්...? ඒත්... මට මොනවද කරන්න පුළුවන්..? ඇල්ෆාට මගෙන් වෙන්න ඕන සේවය මොකක්ද...?නම්ජුන් අහනකොට ජන්කුක් ජිමින් ගෙ අතෙන් අල්ලලා තමන්ගේ උකුලට ඇද ගත්තා. සොක්ජින් පුදුමය මුසු බියකින් ජන්කුක් වගේම ජිමින් දිහා මාරුවෙන් මාරුවට බැලුවත්, නිදන කාමරයේ දී හැර ඔමේගලා ගේ ස්පර්ශය ප්‍රතික්ෂේප කරන ඇල්ෆාලා වගේ නැතිව ඔමේගා ව උකුලට ගත්ත ජන්කුක් පුංචි ඔමේගාට රිද්දයිද කියලා සොක්ජින් හිතුවත් මොහොතකින් සොක්ජින් එහෙම හිතුවට තමන්ට ම හිත යටින් බැනගත්තා. ඒ ඇල්ෆා කියපු වචන ටික නිසා...
මට තමුන්ගෙන් වෙන්න ඕන දේ තමයි මගේ ඔමේගාට ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කරන හැටි උගන්වන එක.
ඒ දේ රහසිගතව වෙන්න ඕන.