පුංචි ඔමේගා එයාගෙ ඇල්ෆා කියපු විදිහට ම ලෑස්ති වුණා. තමන් ඇල්ෆා රජතුමා ව හම්බ වුණ ගමන් විවාහයෙන් පළවෙනි දවසෙම තමන්ගේ රාජකාරි පැහැරහැරපු එක ගැන බැනුම් අහන්න වෙන්න පුළුවන් බව වගේම ලූනාගෙන් වුණත් හොඳ පාඩමක් ඉගෙනගන්න ලැබෙයි කියලා ජිමින් ගෙ හිත එයාට කියනවා.
මොකද වුණේ ජිමින්...?
ජිමින් මොනවද ඔච්චර හිතන්නේ...?ලස්සන දිග කෙස් වැටිය කොළ පාට පනාවකින් පීරන ගමන් හිටිය පුංචි ඔමේගාගෙ කල්පනාවට බාධා කරන ඇල්ෆාගෙ කටහඬ ඇහෙද්දි පුංචි ඔමේගා ගැස්සිලා ගියා.
පුංචි ඔමේගා ට හිතුනෙ එයා ඇල්ෆාගෙ වෙලාව ගොඩක් නාස්ති කරනවදෝ ත් කියලා. මොකද ඇල්ෆා කුමාරයා කියල කියද්දි රාජකාරි අධික කෙනෙක් නෙ පුංචි ඔමේගාගෙ හිතේ මැවෙන්නේ.
පුංචි ඔමේගා දන්නවා එයාගෙ ඇල්ෆා ගෙ නම..ජන්කුක්..
ඒ නම ලස්සනයි.. ඒත් ජීවිත කාලයට ම තමන්ට ඒ නම කියන්න බැරි බව තමයි පුංචි ඔමේගා හිතාගෙන ඉන්නේ.
කවදාවත් තමන්ගෙ සහකාරයට නම කියලා කතා කරන්න එපා...
එයාගෙ මට්ටම කියලා කතා කරන්න කියලා ඇල්ෆා පාක් එයාගෙ දරුවො දෙන්නට ම හොඳින් තේරුම් කරල දීලා තියෙනවා.
ඒත් ඇල්ෆාගෙ තොල් අතරින් ජිමින් කියලා ලස්සනට කතා කළාට එයා බොහෝ දුරට අහල තියෙන්නෙ හැම ඇල්ෆා ම වගේ තමන්ගෙ සහකරු හෝ සහකාරිය ට පහත් ඔමේගා කියලා කතා කරනවා.
ජිමින්ගේ ඇල්ෆා එක පාරක් හරි එහෙම කිව්වොත් ජිමින් ගෙ හදවත කොයි තරම් රිදේවිද කියලා ජිමින් තර්ක කරනවා.
ඒ අතින් ජිමින් ගෙ ඇල්ෆා හොඳයි... ඒත් හැමදාටම එයා තමන්ට මේ විදිහට හොඳින් කතා නොකරයි කියලා තමයි ජිමින් හිතන්නෙ.ම.. ට සමාවෙන්න ඇල්ෆා...
ජිමින් ගැට අවුල් තියෙන කෙස් කැඩිලා පනාවට එන තරම් වේගෙන් ඉක්මනින් කොණ්ඩෙ පීරන්න වුණේ ඇල්ෆා ඇත්තටම ඇඳ උඩට වෙලා බලාගෙන ඉන්නෙ තමන් එනකම් විතරයි කියලා දන්න නිසා..
ඇල්ෆා ගෙ වටිනා කාලය නාස්ති කරනවා කියල තමන්ට ම දොස් තියාගත්ත පුංචි ඔමේගා ගෙ ලස්සන කෙස් පනාවෙ පැටලිලා කැඩෙනකොට ඇල්ෆා නැගිටලා පුංචි ඔමේගා ගාවට ආවා.මගේ ලස්සන ඔමේගාගෙ කොණ්ඩේ මේ විදිහට කඩලා දාන්නෙ ඇයි ජිමින්...?
කෝ දෙන්න ඔය පනාව...
දෙන්න ඉතින් මගෙ අතට...