02

620 119 63
                                    

දික්කන්ද වලව්ව💗
කොටස 2



හවස වටපිටාව අන්දකාරය අල්ලන් එනකොට හැමොටම කලින් වලව් වත්ත පාලු වැටෙන්නෙ රූස්ස පොල් අක්කරේ හින්දමයි...

ඉර අවරට යනකන්ම ග්‍රැමර්ෆෝන් එක එක්ක තනි මකාගත්තු මන් ඈඩිගෙන උන්න වේවැල් පුටුවෙන් නැගිට්ටේ සුමනා තේ හදන්නත් වෙලාව කිට්ටු වෙන හින්දා...

කුස්සියට යන ගමන් මගදි හම්බෙන අත්තම්මගෙ කාමරෙ ළග නැවතුන මන් දොර රෙද්ද හිමින් ඈත් කරලා ඔලුව ඇතුලට දැම්මා....

අත්තම්මා නිදි... නිකන් නෙමේ අල්මාරියේ යතුර නූලක ගැඨගහන් බෙල්ලෙ එල්ලගෙන... ඒක මට අමුතු දෙයක් උන්නැ... මේ වලව්වට පිට එකෙක් පය ගැහුවොත් එදාට අත්තම්මගෙ හැසීරීම මේ වගේ... පුලුවන්නම් උන්දැ පිත්තල බඩු ඇත්දළ ,ගෝන ඔලු ටික පවා බෙල්ලේ එල්ලගන්න ජාතියේ කෙනෙක් නිසා මන් සද්ද නොකර සුමනා හොයන් ගියා...

මන් යනකොට සුමනා දර ලිපේ වතුර රත් කරනවා... ගෑස් සිලින්ඩරයක් මන් මාස දෙතුන් දොහොකට කලින් ගෙනත් තිබ්බත් ඉදහිට ඒක පාවිච්චියට ගත්තා මිසක් අත්තම්මා නෙමෙ කැමති වුනෙ සිලින්ඩරේ අහවර වෙලා තවෑකක් ගන්න යන වියදමට... මට තියෙන ආදායම එක්ක ඒක ඇහිපිහාට්ටක් තරම්වත් දෙයක් නොවුනත් අත්තම්මා ගේ ඇතුලෙ ආධිපත්‍ය ගන්න නිසාම මම කට වහන් උන්නා.. කෝමහරි කන්න ටික ලැබෙනවනම් ඒ මැදැ...ඒත් ඉතින් පව් සුමනා... නිකාන්.....දැලි නානවා... උන්දැගෙ ලේසිටයි මන් වැඩියම ඕක ගෙනාවෙ.. දැන් ඒක ප්‍රදර්ශන භාණ්ඩයක් නොවැ..

සුමනා...

හාමූ මහත්තයො..

මොකද බොල මේ නාවල පෙරන්.. මන් දැන් කී වංගියක්නම් උබට කීවද අර සිලින්ඩරේ ගනින් කියලා...උබත් දුමේ ලගින්නමයි බලන් ඉන්නෙ...

නෑ අපේ හාමූ...

නෑ තමා... දැන් බලපන් ඔය ලිප්බොක්කට නැමිලා ඔය පිබින අතරේ ඇහැට ගීනිපුපුරක් විසි උනානම් උබ මොකද බොල කරන්නෙ ආ... කියපන් බලන්න.. අර උබට ඉන්න ඇච්චො දෙන්නට යන කල මොකක්ද කියාපිය...

හාමු මහත්තයෝ...

දැන් ඔලුව නමලා වැඩක් තියෙද බොල... කියන දේ කොරන්න බැ තොපිලටත්... ම්න් ම්න් කාරි නෑ.. දැන් ඔය තේ ඩිංගිත්තක් ඉක්මනින් වක් කොරහන්...

දික්කන්ද වලව්ව 💫Where stories live. Discover now