03

703 126 153
                                    

දික්කන්ද වලව්ව💗

කොටස 3







වලව් වත්තට හද පායන් තියෙනකොට ඉස්තෝප්පුවෙ කහපාට විදුලි බුබුල දල්වපු මම පහල අක්කරේ දිහා බලන් උන්නා... 

මුලු වත්තම කුට්ටි කපන තරමට කලුවරයි...ඈතින් පේන ලා කහ එළිය මුරකුටියෙන් වෙනකොට වටේම තිබ්බ පොල් අක්කරෙන් සැරෙන් සැරෙ එන පොල් වැටෙන සද්දෙට අමතරව වටේටම ඇහුනෙ පහල කනත්තෙ බකමූනන්ගේ හීන් කෙදිරිලිම විතරයි...

දැන් මේක මෙහෙම තිබ්බත් මේ වත්තට එකෙක් පැන්නත් ආයෙ යහතින් යනවා බොරු.. කොච්චර කෑලි කපන අන්ධකාරෙ මේ වලව් අක්කරේ තිබ්බා උනත් මොකෙක්ටවත් මේ වලව් සීමාවට අවසරේකින් එපිට පය ගහන එක හීනයක් නිසාම මේ වත්තේ මනුස්ස උවදුරු ඇත්තේම නැති වුනා...

ඒ දිහා ටික වෙලාවක් බලන් උන්න මං 9 හොරාවට ගේ ඇතුලට ගෑටුවේ රෑ කෑම වේලට වෙලාව කිට්ටු නිසා...

මන් එනකොටත් හැමදාම වගේ කෑම මෙසේ හැමෝම ඉදන් උන්නා වගේම අද වෙනසකට තිබ්බේ වෙනදට පුටු දෙකක් මන් එනකොට හිස් උනත් අද ඒ පුටුව පිරිලා තිබ්බා.. මයෙ අයියගේ පුටුව...අද අයියා කෑම මේසේ ඉදන් උන්නත් අනිත් හැමෝම එයාට රවන් ඉන්නකොට එයා තනියම කෑම කනගමන් උන්නා...

මයෙ පුතේ...

අත්තම්මේ...

අනෙ පුතේ බලහන් මේ උබෙ නොසන්ඩාල අයියා උබ එනකන්වත් ඉන්නැතුව ඉදුල් කොරන්න අරගත්තා මයෙ අම්මේ... අපි උබ එනකන්ම බලන් උන්නත් මේ වසවර්තියා නෙමෙ බලන් ඉදියෙ මයෙ පුතේ...



ආ එනම් ඒකයි මේ හැමෝම අයියට ඔරවන් ඉන්නේ... මේ වලව්වෙ හැමදාම මන් කෑමට ඈඩිගන්නකන් අත්තම්මා උනත් ඉදුල් කෙරුවෙ නැ.. ඒක එහෙමයි... මොකද මේ වලව් වත්තේ හාමූ කියලා හැමෝම පිලිගන්නෙ මාව... අයියා ලොකු හාමු උනත් ඒයා හැමවෙලේම උන්නෙ වලව් මානේන් ඈත් වෙලා... අඩුම ගානේ එයා එයාව හාමූ කියලා පිලිගන්නවත් මනාප නැ...ඒක මන් එයාගෙන් තේරෙන වයසට ආව කාලෙම දැක්ක දෙයක්...

මට ඕකේ කාරියක් නැති උනත් වලව්වෙ අනික් උන්දැලාගේ අමනාපේ මූණෙන් පෙනුනත් මන් ගනන් නොගෙන මගෙ පිගානට බෙදන්න සුමනට ඉගි කලාම ඒකි ඇවිල්ලා මට බෙදන්න ගත්තා...

දික්කන්ද වලව්ව 💫Where stories live. Discover now