" පරක්කු වෙන්න එපා අටට එන්න කියපු එකා තාම නෑනෙ බං. දැන් අටයි කාලයි වෙලාව."
අතේ බැඳන් හිටපු වොච් එකයි තේජාල්ගෙ ගෙදර විශාල ගේට්ටුවයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් දම්සිත් කියද්දි නෝවානන් හිටියෙ තාම ආවෙ නැති තේජාල් එක්කයි එයාව උදේ පාන්දරම ඇහැරවපු පවන් එක්කයි ලෙසටම මලපැනලා.
" අටට නෙවෙයි ගිහින් ගහන්න ඕනෙ ඕකගෙ පුපට! පවන් උඹට හොඳක් සිද්ධ වෙන්නෑ මුගේ ගේ ගාව රැකගෙන ඉන්න මාව උදේ පාන්දර ඇහැරෙව්වට..."
එකදිගට රින්ග්ස් ගිහින් තුන්වෙනි පාරටත් කට් වුණ ෆෝන් එකෙන් තේජාල්ට ආයෙමත් කෝල් කරපු පවන්, හයහමාර කොහොමද මිනිහො උදේ පාන්දර වෙන්නෙ වගේ බැල්මකින් නෝවා දිහා බැලුවට එයත් දන්නවා වීකෙන්ඩ් එකේ දවල් දොළහමාර කියන්නෙත් නෝවාට උදේ පාන්දර තමයි කියලා.
" තේජ් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑනෙ! ඉන්න මං ගිහින් බලලා එන්න."
එහෙම කියලා සීට් බෙල්ට් එක පන්නපු පවන් කාර් එකෙන් බහින්න හදද්දිම එයා දැක්කෙ වේගයෙන් එයාලා දිහාට ඇවිදගෙන එන තේජාල්ව. කොල්ලො තුන්දෙනා එහෙම්මම මූණට මූණ බලාගත්තෙ එයාලගෙ යාලුවගෙ මූඩ් එක කොහෙත්ම හොඳ නැති බව ඈත තියලම දැකපු නිසා.
කාර් එකේ දොර ඇරලා බැක්පැක් එක නෝවාගෙ ඇඟට විසික් කරන ගමන් පිටිපස්සෙ ශීට් එකට ගොඩවුණ තේජාල් අවසිහියෙන් වගේ දකුණතේ මහපට ඇඟිල්ලෙන් එයාගෙ වමතෙ දබරඟිල්ල හූරන්න ගත්තා. ඉවසන්න බැරි තරන් කේන්ති ගිය හැමවෙලාවකම තේජාල්ගෙ හැසිරීම මේක වෙද්දි තමන්ගෙ යාලුවට හොඳම එකෙන් මලපනින්න මොනවා නමුත් ලොකු දෙයක් ගේ ඇතුලෙදි සිද්ධ වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න කොල්ලො තුන්දෙනාට අමාරු වුණේ නෑ.
" තේජ්... මොකද වුණේ?"
පිටිපස්සට හැරුණු පවන් ඇහුව ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තරම්වත් හොඳ සිහියක හිටපු නැති තේජාල් දිගින් දිගටම කරේ අත් දෙක එකට පටලගෙන එයාගෙ දබරඟිල්ල නියපොත්තෙන් හූරන ගමන් කල්පනා කරපු එක. තේජාල්ගෙ අත්දෙක දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටපු දම්සිත් හිටියෙ ටිකක් බයවෙලා. තමන්ගෙ යාලුවගෙ මේ හැසිරීම කොච්චර පුරුදු වුනත් තේජාල් එයාටම මෙහෙම රිද්දගන්න එක බලන් ඉන්නන් දම්සිත්ට කොහෙත්ම බැරිවුණා.
YOU ARE READING
WHEN THE RAIN COMES
Fantasiaමිනිස්සු වැස්සට කැමතී... එයාලට අනුව වැස්ස කියන්නෙ මේ ලෝකෙ සුන්දරම දේවල්වලින් එකක්. ඒත් මට... වැස්ස කියන්නෙම වේදනාවක්... හේතුවක් නොදැනම විඳපු මහා වේදනාවක්. ඒ වේදනාවෙන් ගැලවෙන්න මට කොච්චර ඕන වුනත් ඒ කොහොමද කියලා මම දැනගෙන හිටියෙ නෑ. හැබැයි දවසක් මම ඒ...