මකරාගෙ පාපොච්චාරණේ...17

297 29 2
                                    


            

                   .............. 17 ............

Mr අභිමන්රැ.. නැතිවෙලා අදට සතියකුත් දවස් පහක් .. වෙනවා මලගෙදර වැඩ කටයුතු ඉවර වෙලා... මකරිට තාම සිහිය ඇවිත් නෑ අදට දවස් දොලහක් වෙනවා... මේ දවස් ටිකේම මං හිටියේ..මකරී ගාවයි අපේ අම්මා ලගයි.... Mrඅභිමනරැ... නැතිවුන දවසට පහුවදා අපෙ අම්මාටත් හොදටම අමාරැ වෙලා මේ හොස්පිටල් එකේම එහා පැත්තේ Room එකට Admit කරා මොකද එතකොට මට දෙන්නාවම එකපාර බලා ගන්න පුලුවන්..නිසා..මං ඩිංගක් රෙස්ට් කරන්න යන කොට මීනාම්මා ඇවිත් ඉන්නවා... මහත්තයා මකරීගෙ ආරක්ෂාව තර කරලා තිබුණේ..මොකද අභිමනරැ මහත්තයා ගෙ මරණය මීණී මැරැමක් කියලා ඔප්පු වුන නිසා.. මං දැන් දවස් දොලහකින්..ගෙදර ගිහිල්ලා නෑ .... මහත්තයා හොස්පිටල් එකට එහා පැත්තෙන් තියෙන Apartment එකක් අරගෙන බඩුටික මේ Apartment එකට ඇදලා.....

මොකද කියනවා නම්...අපි හිටපු Apartment එක Mr අභිමන්රැ...ඒ කියන්නේ මකරාගෙ අප්පච්චීගෙ ලොකු අක්කාගෙ පුතා ඇවිල්ල අත්පත් කරගෙනලු......ඒ මිනිහා යන පාටක් නෑ දැන්ම...මහත්තයා කියපු විදියට නම්.. මෑන් එක්ක වසන්න බැරි තත්ත්වයක් ලු තියෙන්නේ...මිනිහා professor කාරයෙක්ලු.. ඩොක්ටර් ලාටත් උගන්වන කෙනක්...කියල තමා කියුවේ.. නම්.. මං තාම ඇහැටවත් දැක්කේ..නෑ...ඔය නාකී කොරපොතු හැලුන මකරාව.... අපේ අම්මා නම් කියුවේ..මහ නපුරැ පාටයි කියලා...වෙන්න ඇති.. ඒ පරම්පරාවේ එවුන්..ඇවිල්ල තනිකර ම ගිණිපිබින මකරැ නේ..⁣මං දැන් දවස් දහයකින් මහත්තයා ව දැක්කේ නෑ... දවසට එක පාරක් කතා මකරී ගැන විස්තර අහනවා.. එච්චරයි... දැන් ඉස්සරටත් වඩා නපුරැ වෙලාද මන්ද අප්පා..පොඩ්ඩක් ඇත්නම් මල පනිනවා..Alexander නම් කියුවේ..මහත්තයා අනිද්දාට අගමැති පුටුවට ඉද ගන්න අත්සන් කරනවා කියල... අත්සන් කරනවා වගෙ නෙවයි නේ....වැඩ ඇති.... සෙල්ලම් නෑ.. නැත්නම් නැවිත් ඉන්නේ නෑ නේ..මකරිව බලන්න...අනිත් එක මට හැමදාම එන්නේ අලුත් ඇදුම් ටැග් වත් කඩලා නැති එව්වා....අපේ අම්මාටයි මකරීටයි හොස්පිටල් එකෙන් ඇදුම් හම්බ වෙනවා..අර පස්ස පැත්ත ඇරලා තියෙන එව්වා... මේ දවස් ටිකේම.. මට නින්දක් තිබ්නේම නෑ..මකරීට සිහිය පතක් නැති වුනාට නිතර නිතරම ගැස්සිලා.. දගලන්න ගන්නවා.... මං හිතන්නේ තාම ඒ ශොක් එක ඇති එදා...මහත්තයා ඇවිත් මට කියලා ගියේ මකරීගෙ වගකීම් හැමදේම මට පවරනවා කියලා...

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [අධි මාත්‍රා ]Where stories live. Discover now