ලක්කා මගේ ඉණ වටෙන් අත දලා මාවත් වත්තම් කරගෙන පඩිපෙල බහින්න ගත්තා. පහලින් එන කචබචේ දැන් මට හුරුපුරුදු බවක් තේරුනා. අන්තිම පඩිය බහිනවත් එක්කම අපි දෙන්නගේ ඉස්සරහට ආව රූපේ දැක්කම මගේ ඉණ වටේ තිබුන ලක්කගේ අත තව තද උනා වගේම මමත් තියන්න හදපු අඩිය ආපස්සට ගත්තා.
"අභි අ-අයියේ මේ වෙලාවේ?"
"කන්න එන්න"
එයා එච්චරමයි කිව්වේ. කුස්සියට ගියා. මමත් ලක්කා එක්ක කුස්සියට යද්දි තමා දැක්කේ අභි අයියා විතරක් නෙවෙයි නිලුපුල් අයියයි විහග අයියයි තුන් දෙනාම අපේ ගෙදර ඇවිත් කියලා. මම එනවා දැකලා අම්මා කෑම මේසේ පුටුවක් ඇදල අරන් මට තිබ්බා.
"බබා එන්න මෙතනින් වාඩිවෙන්න. අම්මා කවන්නම් අද"
"හ්ම්" මම එතන හිටපු හැමෝම දිහා කලකිරුනු ටයිප් එකෙන් බලලා පුටුවෙන් වාඩි උනා. ලක්කත් ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනා. මගේ කෙලින්ම ඉස්සරහින් හිටියේ අභි අයියා. අම්මා කෑම සේරම මේසෙට ගෙනත් තියලා මට කෑම බෙදන්න ගත්තා.
"පුතාල තුන්දෙනා හොදට බෙදන් කන්න හරිද. කාලා ඉවර වෙලාම වොශ් එකක් දාගමු. මහන්සි ඇති ඔයාලටත්"
"ආන්ටියෝ මෙයාලා?"
"අද මේ තුන්දෙනාම මෙහේ ඉන්නවලුනේ අපේ බබාව බලාගන්න ලකී පුතේ. ඔන්න ඔයාට ටිකක් නිදහස් මේ තුන්දෙනා ඉන්න නිසා"
මොන උට්ටක්ද යකෝ ඒ උනේ? මගේ හිතේ බුර බුරා තිබුන ප්‍රශ්නේ දිවැසින් වගේ දැකපු ලක්කා අම්මගෙන් අයියල තුන්දෙනා ගැන අහද්දි අම්මා දිපු උත්තරේට මට එලොව පොල් පෙනුනා. මම හොරැහින් අභි අයියා දිහා බැලුවා විතරයි මෙන්න ඒ හිකනලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මම ක්ශනික ආයෙ බිම බලාගත්තා. ඒ කියන්නේ අද රෑට මෙ මූ එක්ක කතා කරල දෙකෙන් එකක් විසදගන්න පුලුවන් වෙයි වගේ. ඇයි යකෝ ලිට්රො එකේවත් නැතී ගෑස් නේ මුගේ තියන්නේ . එක්කෝ බැනලා හිතේ කේන්තියක් තියනව නම් ඒක ඉවර කරගන්න ඕන. මේක ඒමත් නෑ. හිතේ තියන් පාර පාර ඉන්නවා හුත්ත. මට ඕව තමා පෙන්නන්න බැරි මගුල. මුගේ කොහොමත් එදා ඉදන්ම තිබුනේ මහ පකේ ලයින් තමා. මම නොදන්නවයැ. මූණ බැලුවට මූණ බලලා හිනාවෙන්නැ කැරිම ලයින්.
YOU ARE READING
Aster Monarch
Non-Fiction.... ශ්රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම...