Chapter 07

8 3 0
                                    

ඒ එයාගේ ෆෝන් එක කියල අපි දෙන්නම වටහා ගනිද්දි එයාගේ අත් දරදඬුවෙලා ගියා. එයා ඔලුව පහත් කරලා නළල මගේ උරහිසේ තියාගත්තා. "ඩෑම්න්ශිට්"

එයාගේ අත මගේ කමිසයෙන් එලියට යද්දි මම ඒ දිහා බැලුවේ හරියට ඒක අනුමත කරන්න බෑ වගේ බැල්මකින්. එයා සාක්කු දෙකම අතපත ගාලා ෆෝන් එක අරන් නැගිටලා මම හිටපු තැනින් ටිකක් එහාට ගියේ කෝල් එක ආන්ස්වර් කරන්න.

"ඩොක්ටර් කින්කේඩ්" එයා කිව්වා. කෝල් එකට ඕනකමින් සවන් දීගෙන හිටපු එයා එයාගේ බෙල්ල පිටිපස්ස තදින් අල්ලගෙන හිටියා. "රොබට්ගෙන් ඇහූවද? මේ වෙලාවේ මම ඔන් කෝල්වත් ඉන්න අවශ්‍යතාවයක් නෑ" ඊට පස්සේ කෙටි නිහැඩියාවක් පෑවතුනා. "හරි මට විනාඩි දහයක් දෙන්න. මං එන ගමන්"

එයා කෝල් එක ඉවර කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තා. එයා මගේ දිහාවට හැරෙද්දි බලාපොරොත්තු සුන් වෙලා ගිහිපු බවක් මුණෙන් පෙනුනා. එයා පඩිපෙල දිසෙට තියන දොර දිහාවට අත දිගුකලා. "මට දැන් යන්න වෙනවා"

"ඉට්ස් ඕකේ" මම ඔලුව නවලා එයාට එකගතාවය පල කලා.

මගේ දිහා ටික වෙලාවක් බලන් හිටපු එයා දබරැගිල්ල එසෙව්වා. "හෙල්ලෙන්න එපා" කියපු එයා ෆෝන් එක සාක්කුවෙන් අරන් මගේ ෆොටෝ එකක් ගන්න ලේස්ති උනා. මං ඒකට විරුද්ධ වෙන්න ගියත් එහෙම එයා කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා. මම සේරම ඇඳුම් ඇඳගෙන හිටියේත්. ඒ නිසා මට වෙන හේතුවක් කියල දැනුනෙත් නැ.

පුටුවේ හාන්සි වෙලා අත් දෙකත් ඔලුවට උඩින් තියාගෙන ඉන්න මගේ ෆොටෝ එකක් එයා අරගත්තා. ඒ ෆොටෝ එකෙන් එයා මොකද්ද කරන්න යන්නේ කියල මම දැනුවත් නැති උනත් ඒක ගත්ත එක ගැන මම සතුටු උනා. ආයෙත් මාව දකින එකක් නැතිවෙයි කියලා එයා දැනගෙන හිටියත්, මගේ පෙනුම මතක තියාගන්න එයාට තිබුන ආශාව ගැන හිතලා මම සතුටු උනා.

එයා ස්ක්‍රින් එකේ තිබුන ෆොටෝ එක දිහා තත්පර කිහිපයක් බලන් ඉදලා හිනාවුනා. ආපිට පෙරලා එයාගෙත් ෆොටෝ එකක් ගන්න මට උවමනා උනත් ආයෙත් කිසිම දවසක මුණ නොගැහෙන කෙනෙක් මතකයේ තියාගන්න එක අත්‍යවශ්‍ය නොවෙන බව මට තේරුනා. ඒත් ඒ සිතුවිල්ලෙන් පවා මට දුකක් දැනුනා.

It Ends With Us (Sinhala Translation)Where stories live. Discover now