⚠️️ Chapter 8

54 11 1
                                    

" ජොන් ජෙෆ්.!! ලත නොවී ඔය වැඩේ කරනවා අයිසේ..! "

ජන්ග්කුක් හිටියෙ Vගෙන් බැණුම් අහගෙන Vගෙ ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික ශෙඩූල් කරන ගමන්.. ඒ අස්සෙ සුගා මොනාද මන්දා ෆයිල්ස් වගයක් උස්සන් ඇවිත් Vගෙ ටේබල් එක උඩටම දමලා අතෑරියා.. මිසිස් ලී සුගාට රවලා ඒ ෆයිල්ස් ටික අරන් එයාගෙ කැබින් එකට ගියා..

" හරිද මනුස්සයෝ!? මට තව වැඩ තියෙනවා..! "

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ ඉවසීම හොඳටම ප්‍රගුණ කරලා.. වෙන කෙනෙක් ඔහොම කතා කරානම් ඒ කෙනාට කෙලින් කටින් හිටගන්න බැරි තැනට වැඩේ වෙලා තියෙයි.. ජන්ග්කුක් ලොකු හුස්මක් පල්ලෙහාට දලා V ගාවට ගිහින් ෆයිල් එක එයා දිහාට දික්කරා.. V ජන්ග්කුක්ට රවලා ඒක අරන් කකුලක් පිට කකුලක් දාගෙන මාරුවෙන් මාරුවට ජන්ග්කුක් දිහා බල බල ඒක චෙක් කරන්න ගත්තා..

" කෝ Celine ෆොටෝ ශූට් එක ශෙඩූල් එකට දාල නෑනෙ.. "

" ඒක තියෙන්නෙ අන්තිම එකට කලින් එකේ සර්.. "

Vගෙ නෝක්කාඩුව පටන්ගන්න යද්දිම ජන්ග්කුක් අතිසාර්ථකව එයාගෙ කට වැහුවා.. V ජන්ග්කුක්ට දවා අළුවන බැල්මක් හෙලලා ආපහු ෆයිල් එකට අවධානෙ දුන්නා..

" එතකොට වෝග්? "

" ඒක අටවෙනියට තියෙන්නෙ.. "

" W Korea? "

" ඒක හතරවෙනියට තියෙන්නෙ.. සර්.. "

විනාඩි කීපයක් ශෙඩූල් එක චෙක් කරලා එකෙන් සෑහීමට පත්වුණ V ජන්ග්කුක්ව එතනින් යවලා සුගාව කැබින් එක අස්සට ගෙන්න ගත්තා.. ජන්ග්කුක් ඉන්නෙත් මිසිස් ලීගෙ කැබින් එකේම තියෙන වෙනම ටේබල් එකක.. ජන්ග්කුක් කැබින් එකට එන දිහා මිසිස් ලී කණ්ණාඩිය උඩින් බලන් හිටියා..

" මිස්ටර්...... "

" මට ජෙෆ් කියන්න මෑම්.. "

" මම ලී චේයොන්.. ඕවා ගනන් ගන්නෙපා ජෙෆ්.. එයා හැමවෙලේම ඔහොමයි.. පොඩ්ඩ එහෙ මෙහෙ උනත්- "

" මං ඔයිට වඩා අය එක්ක ගනුදෙනු කරල තියෙයි.. මං ඕවට බයවුණා නම් මං අද මෙතන නෑ.. අනික එයා මට හම්බවුණ පළවෙනියා නෙවෙයි මිසිස් ලී.. "

" මට තේරුණේ නෑ ජෙෆ්.. "

" ඔයාට නොතේරෙන ගොඩක් දේවල් තියෙයි මිසිස් ලී.. "

You've reached the end of published parts.

⏰ Last updated: Sep 13 ⏰

Add this story to your Library to get notified about new parts!

⛓️The Hidden Mafia King VS The Secret Agent🖤 [Taekook]🔞 [Onhold/Under Editing]Where stories live. Discover now