🍁 𝓟𝓪𝓻𝓽 - 01 🍁

315 34 28
                                    

" සීදේවී මම.., සීදේවී මම..
සීදේවී මම නුඹේ හැලයා...
හරි අහිංසක නුඹේ පැටියා...."

මුගේ ආච්චිට හාල් ගරන්න යකෝ මගේ කරුමෙටම ට්‍රැෆික් එක මෙතනම සෙට් උනානේ.මම මූනත් හකුලගෙන බැලුවේ ඇත්තටම මේක ලොතරැයි කූඩූවක්ද නැත්තම් ඩීජේ මියුසිකල් එකක්ද කියලා බලන ගමන්. ඉස්කොලේ ඉවර වෙලා දෙයියනේ කියලා සෙනඟ පිරිලා ඉතිරෙන බස් එක අල්ලගත්තෙත් බොහොම අමාරුවෙන් ඒ අස්සේ මේ ට්‍රැෆික්.... මට නම් එපා වෙලා ඉන්නේ...අම්මේ මට බඩගිනී දෙයියනේ..!!!

දෙයියනේ කියලා ඒ මියුසිකල් එකත් පාස් කරගෙනම ඇවිල්ලා අස්සෙන් අස්සෙන් ඇවිල්ලා හිමින් බැස්සා. සෙනඟ පිරුණු බස් එකකින් හරිම හෝල්ට් එකේදී බහිනවා කියන්නෙත් ගේමක් තමයි... ගැම්මක් අභින්ස ගැම්මක්...අඩෝ ගැම්ම වගේ නෙමෙයි හැටට හැටේ පාගලා යමන් පුතේ අද සයන්ස් ක්ලාස් නේද අමතක උනේ නෑනේ නැහ් නෑනේ නෑ නෑ අමතක නැහ් දුවපාන්.....!!!!

ගෙදර ඇවිල්ලා ඉක්මනටම ඇඟත් හෝඳගෙන ලෑස්තී උනේ පන්ති යන්න. ඒ එක්කම අම්මගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ මගේ ඔලුවට පත්තු උන කෙනා වෙන්නැති කියලා සීයට දාහක්ම ශුවර් කරගෙන මං බෑග් එකත් ටක්ගාලා ලෑස්ති කර ගත්තා.. කියලා ඉවර කරන්න හම්බුනේ නෑ...

" සුදු පුතා , මේ"

ඔය පත්තුඋනේ..!!!

" හරි හරි වදේ අනේ හංදිය ගාවට එන්න කියන්න දැනටම පරක්කුයි..මං දැන් එනවා කියන්න...."

ඔව් ඒ මගේ හොඳම බොක්ක පොඩිකාලේ ඉඳලා එයා හේෂලී.. එයා පොඩි කාලේ මාත් එක්ක මොට්ටසූරීයේ ඉඳලා යාලුවා... ඒකි හැමදාම ක්ලාස් යන්න පරක්කු උනොත් අම්මට කෝල් කරනවා.. හේතුව ඔව් මාව ක්ලාස් එකට පාවා දීලා යන්න තමයි වෙන මොකටද... සර් ඇහුවොත් ඇයි පරක්කු මෙයා වැටුනා.. තැලුනා ගගා මේකී පාවලා දෙනවා..ගෙම්බි.

දෙයියනේ කියලා පැය තුනක් තිස්සේ සයන්ස් සර්ගේ බණේ අහගෙන ඉඳලා මේ දැන් රහත් වෙයි මේ දැන් රහත් වෙයි කියලා හිටියේ... ඒ තරම්...ම්හුක් !!!! එක්කෝ එපා... ඉන්ටවල් එකත් දුන්නා ඊට පස්සේ පාස් පේපර්ස් කරනවා කිව්ව නිසා මායි අරකී කන්න කියලා මොනවහරි ගන්න එලියට ගියා... දෙයියනේ ඇඟටම කපලා බයික් එකක් නැවත්තුවා ඌට උගේ අප්පා මුත්තා මතක් කර කර මං හැරෙනකොටම හිටියේ......

ඔව් ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ මගේ අනිත් බොක්කෙ ෆිට් එක, ලියේල් කේෂව්....





ඔව් ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ මගේ අනිත් බොක්කෙ ෆිට් එක, ලියේල් කේෂව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



Hi ලස්සන ළමයි..., මේක මගේ පලවෙනි කතාව අඩු පාඩු ගොඩාක් ඇති.. ඒත් ලස්සනට ලියන් යන්න හිතන් ඉන්නවා වැරදි හදාගෙන මිනිස්සුන්ට නේ වරදින්නේ නේද....🌚🤍

ඉතින් ලස්සනම ලස්සන ෆැන්ටසියක් රියැලිටියක් කරා ගේන්න දරන ලස්සන වෑයමක්.... ඉතින් මේ,

සම්ප්‍රදායෙන් රියැලිටියට...❤️ ආදරෙන් ඔයාලගේ චිමී 🤍

ප.ලි ; ( මෙම කතාවේ සඳහන් වන නම්, චරිත, ස්ථාන, හුදෙක් කතුවරයාගේ කැමැත්ත පරිදි සකස් වූවකි...)

මේ කතාව ලියන්න මට සපෝට් එක දුන්න මගේ මිතුරු කැළට බොහොමත්ම ස්තූතියි...🌚🤍

මන්දාරම් වැහි..🍃 ( On hold )Where stories live. Discover now