🍁 𝓟𝓪𝓻𝓽 - 04 🍁

155 17 38
                                    

"අඩෝ, සසා.. උඹ මොකද මේ තනියම කල්පනා කරන්නේ.."

" අහ්, මුකුත් නැහ් බං ටිකක් ඔලුව රදේ වගේ ඒකයි මේ ඇවිල්ලා ඉඳගත්තේ පොඩ්ඩක්.."

" අඩෝ.., සනීප නැද්ද.."

" නැහ්. බං ටිකක් ඔලුව රිදෙනවා. පොඩ්ඩක් ඇඟත් රස්නෙයි වගේ..."

" සම්කිලියා දැන්ද තෝ කියන්නේ... උණ කියලා. අහ් යකෝ.."

" නැහ් අවුලක් නැහ් ශේප්. පැනඩෝල් දෙකක් හොයලා ගෙනල්ලා දීපන්කෝ.."

" අහ් හරි. ඉඳපන් ඔහොම කොහෙවත් ආයේ අන්තරස්දාන නොවී.."

" අඩෝ.. ලියේල් මේ බං. අද වාර සමිතිය ලූ නේද.."

" අම්මටහුඩු. ඔව් නේ අමතක උනානේ බං. "

" අප්පද බොල මොන සිහියෙන්ද උඹ ඉන්නේ කියපන්කෝ අහ්.."

" මං ඉන්නේ හොඳම එකේ හොඳම සිහියෙන්.. ඒක නෙමෙයි.! උබර් සින්දුවක්, කවියක් වත් පුරුදු උනාද පුතේ..."

" අඩෝ, මම සින්දුවක් කියන්නත් ඕන නේ. මේක තියෙනවා කියලා මතක් උන මට ඇයි බං මේ මගුල අමතක උනේ...!!! "

" වැඩක් නැහ්. මතක් කර ගනිම් දෙකක්වත්. උඹ හොඳටම දන්නවා, සමිතියට ගැලපෙන සින්දුව මුලින්ම අහලා අනිවා උඹට කැමති එකකුත් කියන්න කියනවා කියලා... "

" ඒකත් හරි. දන්න මගුලක්ම කියනවා. මේ සින්දු කිවිල්ල නම් දැන් නම් ඇති වෙලා බං.."

" දැන් යමන් පන්තියට.මේ පීරීයඩ් එකෙන් පස්සේ අන්තිම පීරීයඩ් දෙකේම සමිතිය.."

" හා.. උඹ පලයන්. මං එන්නම් වොශෲම් ගිහින්.."

" එල එල.,විගහට වරෙන්.."

මං ලියේල්ට වොශෲම් යනවා කියලා කෙලින්ම ආවේ පඩිපෙලත් බැහැලා. අපිට අත් සෝදන්න ටැප් තිබුණ පැත්තේ දකුණු කෙලවරට වෙන්න හදලා තිබ්බ බෙන්ච් එකට.. හරිම මහන්සි මට. මේ දවස් ටිකේ හෙනටම මහන්සි. ඉස්කෝලේ වැඩ, ක්ලාස් වැඩ. එහෙන් වොලිබෝල් සර් කෑ ගහනවා. ඒවගේ වැඩ දැන්
නම් හුස්ම උබර් නැවතියන්.. මට මහන්සි...!!!

මං පොඩ්ඩක් නිදහස් පාඩුවේ වාඩිවෙලා කල්පනා කරේ මේ සතියේ සෙනසුරාදා ක්ලාසුත් කට් කරන් කතරගම යන්න වෙන එක ගැන. අම්මලගේ සමීතියකට. සමිතියට එයාලට යන්න බැරියෑ. අහවල් එකටද දන්නෑ මාව එක්කන් යන්නේ. තනියම ඉන්නම් කිව්වම, එපා එපා එහෙම තනියම නොදන්න තැන් වල දාලා යන්න බැහ්. දවස් දෙකයිනේ ක්ලාස් කට් වෙන්නේ නෝට්ස් පවන්ගෙන් ඉල්ල ගන්නලූ.. හා ඉතිම්...ඒක තාත්තා කියන්න ඕන නැහැ. මං දන්නවා.. කොහොමත් ඕකා විතරයි ඉන්නේ ඉල්ල ගන්නත්... මං එහෙමම නැගිටලා වොශෲම් ගිහින් ඇවිත් අතත් හෝදගෙන පන්තියට ගෑටූවා..

මන්දාරම් වැහි..🍃 ( On hold )Where stories live. Discover now