මිනිස් ලොවට ආ ඔවුන්🦚

74 8 2
                                    

මේ අතරතුර පාර්වතී මෑණියන් උන්නේ ලක්ෂ්මි මෑණියන් සමග කතිකාවකය.

:ලක්ෂ්මි නැගණිය
:පවසන්න අක්කණ්ඩිය
:නුබ කැමති නෙවද නෙවද මිනිස් ලොව උපදින්නට?..
:මිනිස් ලොව? වරක් මා ඉපිද මා හට මාගේ විෂ්ණු දෙවියන්ව වෙනත් තරුණියකට සරණ පාවා දෙන්නට සිදු උනා නෙවද අක්කණ්ඩිය? නැවත එයම සිදු වුනොත් මම කෙසේද එය දරා ගන්නේ අක්කණ්ඩිය...පවසන්න මට
:අසන්න නැගණිය..එය දේව සභාවේ බලය මත තීරණය උන දෛවය මිස නුඹේ හෝ ඔහුගේ දෛවය නොවේ වැටහුනාද..මහා දේවයන් සහ බ්‍රහ්ම දේවයන් විසින් නුබට සහ විෂ්ණු දෙවියන්ට නැවත වරක් මිනිස් ලොවේ උපදින්නට වරමක් ලබා දී ඇත නැගණිය..මා විශ්වාස කරන්න. මෙවර නුඹත් ඔහුත් ඔබගේ කතාව වෙනස් කරන්න වැටහුනාද නැගණිය..
:එසේය අක්කණ්ඩිය..මම නුඹව මා තරම් විශ්වාස කරනවා නොවෙද.මම මෙවරත් නුබව විශ්වාස කරනවා අක්කණ්ඩිය.....
:මිනිස් ලොවට යාමට පෙර යන්න ගොස් මුණ ගැසෙන්න නුබේ ආදරණීය ඔහුව

ලක්ෂ්මි මෑණියන් හිස සලා එයට එකග වී විෂ්ණු දෙවියන් විවේක ගනිමින් උන් තැනට පැමිණියේය. දෑස් පියාගෙන උන් විෂ්ණු දෙවියන්ට ඉගියෙන් මෙන් ඇයව දැනුනි....

:මගේ ලක්ෂ්මිය. පැමිණියේද නුබ මා හමු වන්නට ?
:එසේය දේවයනි......
:අසුන් ගන්න මගේ ලක්ෂ්මිය....ඉතින් පාර්වතී මෑණියන් පවසන්න ඇති නෙවද කාරණය ?
:එසේය දේවයනි...නුබ එකග උනාද එයට.....?
:මම එකග උනෙමි. නුබ මගේ ලක්ෂ්මිය....?
:මමද එකග උනෙමි දේවයනි...
:ම්ම් හෙට උදෑසනම ඔබත් මමත් වෙන්වෙවී......
:දනිමි දේවයනි....
:එසේම නුබට මා ගැන මතකය අමතක වේවි..
:එසේය..දේවයනි ...
:නමුදු මතක තබා ගන්න..මම කෙසේ හෝ නුබව සොයා එනවාමයි මගේ ලක්ෂ්මිය
:මම දනිමි දේවයනි
:අවසන් වරට වැලද ගැනීමක් නැතිද මා හට....

මම කෙසේ හෝ නුබව සොයා එනවාමයි මගේ ලක්ෂ්මිය :මම දනිමි දේවයනි :අවසන් වරට වැලද ගැනීමක් නැතිද මා හට

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
🦚ᖇᗩᗪᗴᗯ ᗩᑎᗪ ᕼIՏ KᖇIՏᕼᑎᗩᑎ 🕊Donde viven las historias. Descúbrelo ahora