03

216 16 11
                                    

ලොකු අම්මා මගෙ දිහා බලපු බැල්මෙන්ම මට තේරුනෙ බැ කිව්වත් මේකාව මගෙ කාමරෙ තියාගන්න වෙනව කියලමයි...එත් එහෙම බැනෙ...කොල්ල ලස්සන වුනාට කාමරෙ අස්සෙ දාගන්න පුලුවන්ද...

"කමක් නැ ලොකු අම්මෙ..."ඔනවට එපාවට වගෙ විරිත්තන ගමන් මන් කිව්ව විතරයි මෙන්න මෙකා නැගිට්ට...

"ඇන්ටි කාමරෙ..."

"පොඩි මෙ දරුවව කාමරෙට එක්කගෙන යන්න..."අයෙත් මෙකා දිහයි ලොකු අම්ම දිහයිත් බලල මන් ගියෙ මගෙ කාමරෙට...

හුටා...මෙකාට දැන්ම කාමරෙට යන්න ඔනෙ වුනා නෙ...අනෙ දෙයියනෙ මෙ මොන කරුමයක්ද පාත් වුනෙ...කරගන්නම දෙයක් නැති හින්ද මන් ලාවට හිනාවකුත් දාලා මෙකාව කාමරෙට එක්කගෙන ගියා...

අනෙ...අපි ඉවරයි අයියෙ..කාමරෙ දොර ඇරපු ගමන් මගෙ නෙත් දෙකට දකින්න පුලුවන් වුනෙ ඉයෙ ඇදල ඇද යට රොල් කරල විසි කරල තිබුන boxer එකයි ඉට මෙහෙ පැත්තෙ තිබුන 18+ novel එකත් එක්ක tissues ටිකක් වෙද්දි මන් බැලුවෙ මගෙ පිටිපස්සෙ ආපු මිෂාන් දිහා...

හුටා මෙකත් ඉන්නව හොල්මනක් දැකල වගෙ බය වෙලා...ඉක්මන්ට කාමරෙට රිංගපු මන් එ ටිකත් එහෙට මෙහෙට කරල මගෙ ඇදට එහා පැත්තෙන් තිබුන ඇද මිෂාන් අයියට ලැස්ති කරල දුන්නා...

"පොඩි...හවසට පන්සල් යන්න ලැස්ති වෙන්න...ඔයා හිත පොඩ්ඩක් නිදහස් කරගන්න...මල්ලිත් යමු නේද..."තේ හදාගෙන කාමරෙට ආපු අක්කා පන්සල් යමු යද්දි මන් උඩින්ම කැමති වුනෙ ඇත්තටම මට නිදහසෙ ඉන්න ඔනෙ වුන නිසා...එත් එක්කම අක්කා අර අයියටත් යමු කියද්දි එයාත් ලාවට හිනා වෙල හා කියන්න වගෙ ඔලුව වැනුවා...

හවස් වෙනකන්ම කරන්න දෙයක් තිබුනෙ නැ...නිකන් ඉන්න ඉන්න ප්‍රශ්න ඔලුවෙ හොල්මන් කරන්න ගන්න නිසා මන් ටිකක් නිදාගන්න ලැස්ති වුනා...අයියයි මිෂාන් අයියයි ගියා ගියාමයි තාම නැ...

යාන්තම් වගෙ ඇස් දෙක පියවීගෙන එනකොට මන් ඇස් දෙක බලෙන් ම ඇරියො කවුදො කාමරෙට එනව දැනුන නිසා...එ මිෂාන් අයියා...ලොකුම ලොකු පෙට්ටියක පොත් ගොඩක් පුරවලා තිබුනා වගෙම එ ඔක්කොම එයා ගෙනත් ඇද උඩට හැලුවෙ මන් පුදුමයෙන් වගෙ එ දිහ බලාගෙන ඉද්දි...

දෙයියනෙ මෙ තරම් පොත්...පොත් 30කට වැඩිය ඇද උඩ විසිරිලා තියෙද්දි මගෙ ඇස් දෙක ගියෙ එ පොත් අස්සෙ හැංගිල තිබුන එක පොතකට...

"ලොවිනා..."මන් ආසම එකක්...කොච්චර කියවන්න ආසවක් තිබුනත් තාම කියවන්න බැරි වුන එ පොතට මන් පුදුම තරම් ආස වුනා...

"ඔනෙද..."

"ම්ම්.."

"ගන්න...කැමති පොතක් අරන් කියවන්න..."ලාවට හිනා වෙන ගමන් පොත් දෙක තුනක්ම මගෙ අතට දිලා...එයා කාමරෙන් එලියට යන්න ගියා...

රැ වෙනකන් ම පොත් ලෝකයක මන් තනි වුන වගෙම හිතට මොක්කදො මන්දා නිදහසක් දැනෙන්න ගත්තා...අයියගෙ සද්දෙට මෙ ලොකෙ හරි සිහියට මන් අවෙ ඉක්මනට ඉක්මනට පන්සල් යන්න ලැස්ති වුනා...

"පොඩි..."

"ඔව් ලොකු අම්මෙ..."

"එහා පාරෙ මලගෙදරක් ලමයො...මායි අක්කයි එහෙට ගිහින් එන්නද...පුතා අයියයි අර දරුවයි එක්ක පන්සලට යන්න..."

"යන්න ඔනෙමද ...."

"ඔව් දරුවො..."පන්සල් යන්න ලැස්ති වෙලා කාමරෙන් එලියට අවා විතරයි ලොකු අම්මා කිව්ව දේ එක්ක මන් අකමැත්තෙන් වුනත් එයල නැතුව පන්සල් යන්න කැමති වුනා...

"අයියෙ යමුද..."

"කොහෙද..."

"ඇයි වදේ පන්සල්..."

"මිෂාන් එක්ක යන්න...මන් අම්මලගෙ තනියට යන්නම්..."

"එත් අයියෙ..."

"මිෂාන් එක්ක යන්න...කොහොමත් පුරුදු වෙන්න ඔනෙ නෙ...නේද මිෂාන්..."කට කොනින් හිනා වෙන ගමන් අයියා එහෙම කියද්දි මන් අයිය දිහා බැලුවෙ එ කතාව මට තේරුනෙ නැති හින්දා...

"යමු..."පැත්තක ඉදන් අයියට ඔරවන ගමන් මිෂාන් අයියා යමු කියද්දි මන් හා කියන්න ඔලුව වනලා එන්න පිටත් වුනා...

පන්සල තිබුනෙ ගෙදර පයින් යන දුරින් නිසා අපි දෙන්නාම පයින්ම පන්සල්ට එන්න පිටත් වුනත් අපි අතරෙ කිසිම කතා බහක් තිබුනෙ නැති තරම්...එත් එක පාරටම පාර පැත්තෙන් ගියපු මාව එයා ඇදල ලග අරන් තුරුල් කරගත්තෙ මන් කිසිම දෙයක් හිතාගන්න බැරුව ගල් ගැහිලා එයාට තුරුල් වෙලාම ඉද්දියි...

•••••••••••••••••••••••••••••••••••••••••••••••

°ඔයාල කතාවට කැමති නැද්ද ලමයි...

මන් වෙනුවෙන් නුබ (18+)Where stories live. Discover now