අවසාන පස්වන දිගහැරුම..!
එදා ඉරිදා දවසක්,
ඉරිදා දවසක් කියන්නේ ලොකුවට කලබල නැති හීන්දෑරි කොලුගැටයෙක්ට කියාපු දවසක්,සාමාන්‍යයෙන් ඒක නිවුණු දවසක්,මගෑරුණු හැමදේම ආපහු පටන්ගන්න දවසක්!!
ඔව් ඒක එහෙම දවසක්!!
පවුරු එයාගේ පින්සල් ටිකත් අරන් උඩ බැල්කනියට වෙලා බලාගත්ත අත බලාගෙන හිටියා,මිනිස්සු වෙනස් වෙන්නේ කොච්චර ඉක්මනින්ද?? මිනිස්සුන්ට තියෙන්නේ ඇබ්බැහි වෙන ජීවිත කතා,ඒ අතරේ එයාගේ කතාව...ඒක ඇත්තටම විකාරයි!!
පින්සල් පාරවල් වල ඇබ්බැහි වෙලාම,
ආදරණීය හුස්ම පොදවල් මග හැරිලා,
ජීවිතේ කටුකම තීර්ත ආදරේ උතුරලා,
ප්‍රේමයට කවුලු පත් ඇර දාලා!!පවුරු රෝසපාට අහස දිහා බලලා ලස්සනට හිනා උනා අහස හරි කෝලංකාරයි,කාලයක් යනකොට අහසක් දිහා බලාගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක් උනත්,ඒක තෙරපි එකක් තරමටම උදව් වීමත් එක්ක පවුරුගේ ඇස් වලින් කඳුලක් රූටලා බිමට වැටුනා!!
"බබා...මොනාද කරන්නේ මේ තනියෙන්?"
"නිවන්...ගෝඩ් මම බය උනා"
පපුවට අතක් තියාගෙ මුමුණපු පවුරුගේ කම්මුලෙන් හාද්දක් තවරපු නිවන් බ්‍රවුනි කෑල්ලක් නිවන්ගේ අතට දීලා බැල්කනියේ වැටට හේත්තු උනාම මෙච්චර වෙලා බලාගෙන හිටපු පවුරුට එයාට අදින්න ඕනේ කියලා මතක් උන දේ ඇන්දා,
"ඔයා ඔච්චරම ඔය රෝස අහසට ආදරේ ඇයි නිවන්!!"
"ඒ අහසේ ඉන්නේ උබ නිසා!!"
"ආ??"
"ඔයා කොච්චර හුරතල් පිරිමි ළමයෙක්ද කියනවනම් පවුරු මම හාද්දක් දෙන හැමවෙලාවෙම ඔයාගේ කම්මුල් රිදීරෝස පාට වෙනවා!!"
පවුරුගේ රෝසපාට කම්මුල් වලින් හාද්දක් මතුරපු නිවන් පැත්තකට උනා,නිවන්ගේ රෝසපාට පේන්ට් එක දිහා නිවන් බලන් ඉන්නවත් එක්කම නිවන් දිහා බලගෙන හිටපු පවුරු නිවන්ගේ හීනි ඇස් අස්සෙන් ලාවට රතුපාට තැවරෙන හැටි බලාගෙන හිටියා,
"ඇයි මාවම අදින්නේ මැණිකේ??"
"මගෙ අහසේ ඉන්නේ උඹ නිසා නිවන්"
YOU ARE READING
රිදීරෝස
Jugendliteraturඔයා කොච්චර හුරතල් පිරිමි ළමයෙක්ද කියනවනම් පවුරු මම හාද්දක් දෙන හැමවෙලාවෙම ඔයාගේ කම්මුල් රිදීරෝස පාට වෙනවා!! started date - 23/12/27 ended date -