උසයි.. උසේ ගානට ඇග.. ලා නිල් පාට අත් දිග ෂර්ට් එකකුයි දත නිල් පාට ට්‍රවුසර් එකක් ඇදලා කියලා විතරයි මං දැක්කේ.. මූනක් කටක් දැක්කේ නැති උදව්වේ සේයාව මම සොරි කිව්වත් මොකද ඒක නෑහුන ගානට කෝච්චියේ ඉස්සරහටම ඇවිදන් යනවා..
'රාත්‍රී අටයි තිහ බදුල්ල බලා පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය තව සුලු මොහොතකින් පිටත් වනු ලැබේ.. '
"මගුලයි!"
ආහ්!! ආයේ බල බල ඉන්න විදිහක් නෑ මං හැරෙන තැපෑලෙන් තැපැල් දුම්රිය යන්න කලින් සෙකන්ඩ් ක්ලාස් එක පැත්තට දිව්වා! අප්පා ඒ දුවන් යද්දි,
"මොනාද යකෝ උබ මෙච්චර වෙලා බනිස් හැදුවද!? වරෙන් යකෝ මේක අද්දයි!!"
චිරාත් එලියට බැහැගෙනම මට ඈත තියන් බනිනවා!
"ඉතින් උබ මොකටද බැස්සේ නැගපං කැන්ටිමේ සෙනග හිටියා"
තව ඉතින් බලන් ඉන්න ඕනේ නෑනේ මං ගොං වහන්සේවත් තල්ලු කරන් ට්‍රේන් එකට නැගලා විනාඩි ගානයි ගියේ හෙන සද්දෙන් කෝච්චි පෙට්ටි එකට හැප්පිලා ට්‍රේන් එක හෙමිහිට ඉස්සරහට අද්දනවා දැනෙන කොට මගේ ඇගට ආවේ අමුතුම පනක්.. ඊට වඩා අමුතු සතුටක්.. ඒ ඇයි කියලා මං අනිවාර්යයෙන්ම කියන්නම්..
"මට අපේ cousin කෙනෙක් හම්බුනා"
ගාඩ් කෙනෙක් ඇවිත් කොනක ඉඳන් මේ පෙට්ටියේ ඉන්න අයගේ ටිකට් චෙක් කරන්න පටන් ගනිද්දි වගේ අපි දෙන්නත් සීට් වලින් ඉඳගන්නකොට චිරාත් ඒ කියාගෙන මං ගෙනාපු වතුර බෝතලේ කඩලා හුස්මට බීගෙන ගියා.
"cousin කෙනෙක්? මෙච්චර මේ සෙනග අස්සේ උබ කොහොම එච්චර දෙයක් කර ගත්තේ?"
මාත් ඉතින් නක්කලේට වගේ ඇහුවා. ඇයි ඉතින් මූ සෙනග සෙනග කියලා මෙතන නැහෙන්නේ හදපු එකානේ! එහෙම එකා මේ කලබල අස්සේ cousin කෙනෙකුත් දැක්කා කියන්නේ.
"ආ..! ඇයි මට බෑ කියලද හිතන්නේ! උබ දැන් මට මොනා හරි කිව්වොත් මට උබව ට්‍රේන් එකෙන් තල්ලු කරන්න බලේ තියනවා හොදේ!"
"ඕ..! ඇත්තද?? ඇයි මේ ට්‍රේන් එක බොගේ අප්පගෙද?"
"ඒ වගේ තමයි! මේවා ගෙනියන්නේ අපේ ලේ දුවන යකඩ අත් වලින් පගෝ!"