මාසයකට පසු..
දන්නෙම නැතුව මාසයක්ම ගෙවිලා ගියේ එකම විදිහට. උදේට සවී අක්කියි ආක්ෂ අයියයි ඔෆිස් යනවා ආයෙ හවස්වෙලා එයාලා ගෙදර එනවා. එතකන් ඉතින් මායි යසෝ නැන්දයි ගෙදරට වෙලා මොනාහරි වැඩක් කර කර කියෝ කියෝ ඉන්නවා. ඔයාලා බලනවා ඇති නේද හෝතම්බුවා කිය කිය හිටපු මං එකපාරටම ආක්ෂ අයියා කියන්නේ මොකද කියලා. අනේ මන්දා මං දැන් එයාට කතා කරන්නෙ එහෙමයි. එයා නම් තාමත් මට ගොඩක් වෙලාවට කියන්නේ වැඳිරි කියලා තමයි... ඇත්තමයි එයාගේ නම් පුදුම ලොකුකමක් තියෙන්නේ. ඒ උනාට දැන් ආක්ෂ අයියා ඉස්සරට වඩා ටිකක් වෙනස්. මං ගැන නිතරම හොයලා බලනවා මට එක එක විහිළු කරනවා.. දැන් අපි දෙන්නා ටිකක් යාලුවෝ වගේ ඉන්නෙ. ඒත් ගොඩක්ම යාලුවෝ නෙවේ. දන්නවනේ ඉතිම් මෙයාගේ මූලක් ගින්න ගැන... ඒත් මං ආසයි එයාට තරහා යනවට. තරහා ගියාම එයා තවත් handsome අප්පා.. දැන් ඉතින් ඔයාලා එයාට කියන්න එපා මං එහෙම කිව්වයි කියලා 😒.අහ් මේ ටිකේම අර නටාෂා හෝන්තුවයි එයාගේ අයියා මිලාන් කියන කෙනයි සැරින් සැරේට මෙහෙ ඇවිත් ගියා . නටාෂා නම් ඉතිම් ආවොත් ආක්ෂගේ ඇඟේ එල්ලෙන එකමයි වැඩේ. හැබැයි ආක්ෂ එයාට බැනලා පන්නනවා... බොරු කියන්න ඕනි නෑනේ මට නම් එතකොට පුදුම සතුටක් දැනෙන්නේ.... ඒ ඔක්කොටම හපන් අර මිලාන් අයියා.. ආවොත් ඇත්නම් මගේ වටේ කැරකෙන එකමයි වැඩේ. මගෙන් එක එක ප්‍රශ්න අහනවා. ඒවට උත්තර දෙන්න ගිහිල්ලා මං දෙතුන්පාරක්ම ආක්ෂගෙන් බැනුම් අහගත්තත් එක්ක එයා එක්ක කතාවට ගියා කියලා. මේ පුංචි සිතට ඇයි මේතරම් වේදනා කිව්වලු 🥲ඇයි අනේ මං මොනා කරන්නද ඒ මනුස්සයා මාත් එක්ක කතාවට ආවා කියලා.. එක්කෝ එහෙනම් එයා ගිහින් මිලාන් අයියට බනින්න ඕනි මගේ ඇඟට කඩාගෙන පනින්නේ නැතුව. ඒ නැතත් එයාට මොකද මං කාත් එක්ක කතා කරත් හුම් 😒.
මං පොතක් කියෝ කියෝ හිටියේ සාලෙට වෙලා. වෙනදා වගේම සවී අක්කියි ආක්ෂයි දෙන්නම ඔෆිස් ගිහිල්ලා.
ෂකී බේබි.. මං පොඩ්ඩක් මාකට් එකට ගිහින් එන්නම් බේබි පරිස්සමට ඉන්නවද ගෙදරට වෙලා.
ආ හරි යසෝ නැන්දේ. පරිස්සමට ගිහින් එන්න එහෙනම්...
හරි බේබි මං ඉක්මනට එනවා.
YOU ARE READING
සිහින නේත්‍රා
Romanceසිහින සිහිනම විතරක් කියලා කව්රුහරි ඔයාට කිව්වොත්..ඔයා ඒක පිළිගන්නවද? ඒත් ඇත්තටම දවසක ඒ සිහින ඔයාගේ ඉස්සරහට එන්න ගත්තොත් ඔයා මොකක් කරාවිද? ඉතින් අපි බලමු ඇගේ සිහිනවල කතාන්දරය කෙසේ විසඳේවිද කියා මේ ඔවුන්ගේ ආත්මීය ආදරයේ කතාවයි... 🌹🦋 :- ෂලෙන්ද්රි යෝ...