කවිෂ් අයියයි අමේලි අක්කියිත් අපිත් එක්ක කියෝ කියෝ ඉඳලා කෑමත් කාලා ගියාට පස්සේ මායි ආෂුයි tv එක දාගෙන movie එකක් බලන්න ගත්තේ කම්මැලි නිසා. ආෂු සෙටි එකේ එක පැත්තක වාඩිවෙලා මම අනිත් පැත්තෙන් වාඩි උනේ අපි දෙන්නගේ මැද්දට බිස්කට් පැකට් එක තියලා. ෆිල්ම් එකත් මටම කින්ඩි දානවා වගේ ඒකෙ ඉන්න කපල් එකටත් මේ වෙලාවෙම රොමෑන්ටික් වෙන්න ඕනි වෙලා. හයියෝ හයියෝ ඒපාර ඒකෙ කොල්ලා කෙල්ලව බෙඩ් එකට පෙරලගෙන කෙල්ලගේ ඇඟ උඩට ආවා. දැන් නම් මගේ හාට් එක ගැහෙන්නේ අසූහාරදාහට වගේ වෙන්න ඕනි . මං හිතන්නේ ෆිල්ම් එකේ ඉන්න ගර්ල්ගෙවත් හාට් එක මෙච්චර වේගෙන් ගැහෙන්නේ නැතුව ඇති.මං tv එක දිහා බලාගෙනම බිස්කට් පැකට් එකට අත දැම්මේ බිස්කට් එකට අවදානේ දීලා හරි මගේ හාට් බීට් එක නෝමල් කරගන්න හිතාගෙන. ඒත්.. මං අත දානවත් එක්කම ආෂුත් අත දාපු නිසා අපි දෙන්නට අපි දෙන්නගේ අත්දෙක ඇල්ලුනේ මගේ ඇඟේ හිරිගඩුත් පිපිලා යද්දි. වෙන වෙලාවක උනා නම් මෙහෙම වෙන්නේ නෑ ඒත් දැන් මේ ෆිල්ම් එකයි මගේ හාට් බීට් එකයි එක්ක මේම වෙන එක සාධාරණයිනේ යාලුවනේ...මං ටක්ගාලා අත අරගත්තේ ආෂු දිහා හොරෙන් බලලා. මේ වෙලාවේ නම් මට එයා දිහා කෙලින් බලන්නවත් බැරි මොකද්ද ලැජ්ජාවක් ඇවිල්ලා. කෝ දෙයියනේ වෙනදට තීන මගේ කට... අද නම් එයාත් නිවාඩු අරගෙනද කොහෙද. ටිකවෙලාවකින් ආෂු බිස්කට් පැකට් එක එයාගේ ඔඩොක්කුවට අරගෙන එකපාරටම මගේ අතින් අල්ලගත්තේ මේපාර නම් මං කෙලින්ම එයා දිහා හැරිලා බලද්දි. මට කට කොනින් හිනාවක් දාපු එයා ආපහු ෆිල්ම් එකට අවදානේ දුන්නේ මාව ගණන් ගන්නෙවත් නැතුව. මේන් වැඩක්... එයාගේ අත කියලද දන්නේ නෑ හිතන් ඉන්නෙ.. ඒ මදිවට තව හිනාවෙනවත් එක්ක හහ්!
''හයිෂු.....'' ටික වෙලාවකින් එයා මට කතා කරේ හරිම හිමින් ඒ උනත් මාර ආදරණීය කටහඬකින්. අම්මෝ ඒ වොයිස් එකට නම් මාව දියවෙලාම ගියා වගේ.
ම්ම්ම්ම්??
මාත් එක්ක යාලු උනේ අතින් අල්ලන් ඉන්නද එතකොට...?
"හෑ... " ඒ අහපු එකට නම් මං එයා දිහා බැලුවේ ඇස් දෙකත් ජිල්බෝල කරන් කටත් භාගෙට ඇරගෙන.
"මෙන්න මෙහාට එනවා.. " එහෙම කියලා අර දඟකාර හිනාව දාපු එයා මාව එකපාරටම එයාගේ ලගට ඇදලා ගත්තේ මාත් ඇදිලා ගිහින් එයාගේ පපුවේ වැදිලා නවතිද්දී.ඔව්ව්ව් එයා මාව තුරුල් කරගත්තා.. ඉතිං මේ මං අව්රුදු ගානක් හොයපු ආදරේ නෙමේද...
YOU ARE READING
සිහින නේත්‍රා
Romanceසිහින සිහිනම විතරක් කියලා කව්රුහරි ඔයාට කිව්වොත්..ඔයා ඒක පිළිගන්නවද? ඒත් ඇත්තටම දවසක ඒ සිහින ඔයාගේ ඉස්සරහට එන්න ගත්තොත් ඔයා මොකක් කරාවිද? ඉතින් අපි බලමු ඇගේ සිහිනවල කතාන්දරය කෙසේ විසඳේවිද කියා මේ ඔවුන්ගේ ආත්මීය ආදරයේ කතාවයි... 🌹🦋 :- ෂලෙන්ද්රි යෝ...