#17 වන සිහිනය 🌬️

236 12 8
                                    

උබලට මේ පොඩි වැඩේවත් හරියට කරගන්න බැරිද මිනිහෝ??

සො.. සොරි බොස් අපි ඉක්මනටම වැඩේ කරලා දෙන්නම්.

වැඩේ කරලා දෙන්නම් වැඩේ කරලා දෙන්නම් කිය කිය දැන් තමුසෙලා කොච්චර දවසක් කිව්වද? කවද්ද තමුසෙලා මේක කරලා දෙන්නේ? දැනගන්නවා අර හයිෂකාරයා මොනාහරි කරලා අරකිව මේ රටෙන් පන්නලා තිබ්බොත් උබලා ඔක්කොම ඉවරයි..

නෑ නෑ බොස් එහෙම දෙයක් වෙන්න දෙන්නේ නෑ. අපේ එවුන් දැනටම ඒකි ඉන්න තැනක් ගැන තොරතුරු වගයක් දැනගෙන ඉන්නෙ.

නවත්ත ගන්නවා ඕයි තමුසෙලගෙ බයිලා. තමුසෙලට ඒකි ඉන්න තැන හොයාගන්න බැරි නම් ඒ ගැන දන්න එකෙක්ව හරි උස්සගෙන එනවා. හයිෂකාරයා නම් වඩාත් හොදයි.

හ‍රි බොස් අපි එහෙම කරන්නම්.

මේපාර නම් ඒකිට එහෙම ලේසියෙන් ගැලවිලා යන්න දෙන්නේ නෑ. අපිට ඕනෙ දේ අරගෙනම තමයි මේක ඉවරයක් වෙන්නේ... මහලොකු වර්ණකුලසූරියගේ එකම දුව, බලමුකෝ උබ මේපාර බේරෙන්නේ කොහොමද කියලා..

☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️

මම උදේම නැගිටලා වොෂ් දාගෙන පල්ලෙහාට ගියේ වෙනදට වඩා සතුටින්. ඊයෙ රෑ වෙච්ච දේවල් මට තාමත් හීනයක් වගේ. අහ් ඔය ඉන්නෙ කියනකොටම පොඩි බබා වගේ කාටුන් බල බල. අද ඉරිදා නිසා සුපුරුදු රාජකාරිය උදේම පටන් අරගෙන වගේ.. එයා දිහා බලාගෙනම මම පඩිපෙළ බැහැලා ඉවරවෙනකොට සවී අක්කි කොහෙද යන්න ලෑස්තිවෙලා එයාගේ රූම් එකෙන් එළියට ආවේ කලබලෙන්.

ගුඩ් මෝනින් සවී අක්කි.

ගුඩ් මෝනින් ෂකී පැටියෝ..

ගුඩ් මෝනින් ආක්ෂ අයියේ...

"ගුඩ් මෝනින් වැදිරි.. " මං දිහාට සීතල බැල්මක්‌ දාපු එයා කිව්වේ රවාගෙනම.

ඇයි අප්පා මෙයා කියන්නේ මට දුවගෙන ඇවිල්ලා කිස් එකක් දීලා ගුඩ් මෝනින් ආෂුෂුෂු කියන්න කියලදදද සවී අක්කියි යසෝ නැන්දයිත් ඉස්සරහ. මාත් එයාට රවාගෙනම ගිහින් එයාගේ එහාපැත්තෙන් වාඩි උනේ සවී අක්කිට අවදානේ දෙන ගමන්.

මල්ලි මම වැඩ වගයකට එළියට යනවා. නිවාඩු උනාට අදවත් නිදහසේ ඉන්න නෑ මල්ලි වැඩ ගොඩ ගැහිලා. ෂකී පැටියා මං ගිහින් එන්නම්..

සිහින නේත්‍රා Where stories live. Discover now