"ඊසූ.... අතුගාලාදාපන් මේ ටික "මීරා එයාගේ පූසා හලපු කෑම එක පෙන්නලා කිව්වම මම සද්ද නොකර ඒ ටික අස් කරලා දැම්මා
" මීරා ඉක්මන්ට එන්න මම ඕඩර් කරපු අයිටම් ටික ඇවිල්ලා "
හීරා මම අතුගාලා කුණු එකතු කරලා තිබ්බ ඩස්පෑන් එකට පයින් ගහගනම ගියා
මම කොස්ස අතට ගත්තේ මගෙයි කොස්සෙයි තියන බැදීම ගැන හිත හිත
මම ඉන්නේ නගරෙට පොඩ්ඩක් දුරින් තියන ගමක නගරේ පෝසත්ම මිනිස්සු කීප දෙනාගෙන් එක්කෙනෙක්ගේ ගෙදර , වැඩකාරියක් වගේ හිටියට මම එයාගෙ දුව එයාගේ ආදරේ මරපු එයාගේ ලේ තියන යක්සනියක් විදිහට තමා එයා මාව දකින්නෙ
මගේ තාත්තා එඩ්වඩ් මගේ අම්මාට ගොඩක් ගොඩක් ආදරේ කරා මම ඉපදෙද්දි අම්මා නැති උන එකට එයා මා එක්ක තරහින් ඉන්නේ එයා මට වෛර කරනවා එයාගේ ලමයා නිසා මාව මේ ගෙදර තියන් හිටියට මම පොඩි කාලෙවත් අනික් තාත්තලා වගේ එයා මාව හුරතල් කරේ නෑ ආච්චි තමා මාව හැදුවේ මට අවුරුදු තුනේදි තාත්තා ආය බැන්දා කුඩම්මාගේ දුවලා දෙන්නා තමා හීරා මීරා කියන්නේ
මට විසි පහයි
හීරට විසි දෙකයි
මීරට විස්සයි
මට අවුරුදු දහයෙදි මගෙ උපන් දිනේ දා ආච්චි නැති උනේ කොස්ස ඉදල සහ කුස්සියෙ මාව වැඩකාරියක් කරලාගෙදර මිනිස්සුන්ට විතරක් නෙමේ ගමම මාව දකින්නේ කාලකන්නි කෙල්ලෙක් විදිහට මොකද අම්මා මරාගන ලෝකේ දැකපු කෙල්ලෙක්ගෙ කිසි වගතුවක් නෑ කියලා එයාලාගේ මතයක් තිබ්බා
මීරාගේ පූසා කාලා දාපු කෑම කුඩු ටිකයි හීරා පයින් ගහලා දාපු ඩස්පෑන් එකේ කුණු ටිකයි අස් කරලා දාලා ඊලග රාජකාරි ටික කරන්න කුස්සියට යන්න යද්දිම කුඩම්මා මගේ අතින් අල්ල ගත්තා
" ඊසූ...."
" කු...කුඩම්මේ "
" වරෙන් මා එක්ක ගමනක් යන්න "
ඇදුම් වලින් නම් එයා යන්න හදන්නේ වැදගත් ගමනක් වගේ මට ඉබේම මම ඇදගන ඉන්න ගව්ම දිහා බැලුනා ඒත් ඒක ගනන් නොගත්ත කුඩම්මා මට එන්න කියලා ඉගි කරා මාත් එයා පස්සෙන්ම ගියා
YOU ARE READING
Dark whisper
Fantasyකන්යාවියන් බිලිගන්න කැලෑවේ ඉන්න විරූපී රාක්ශයෙක්....... අම්මා මරාගන ඉපදුන නිසා ගෙදරින් වද විදින කෙල්ලෙක්.....