<3>

26 6 0
                                    


කවුරුත් එන්නේ නෑ කියලා දන්න නිසාම මම එතනම ඇදුම් මාරු කරගත්තා ගල් තලාව ගාව ගලෝපු සෙරෙප්පු දෙක ගාව හුරු විදිහටම පේපර් වයිට් මල් ටිකක් මගෙ පරණ සෙරෙප්පු දෙක අස්සෙ තිබ්බා

පේපර් වයිට් කියන්නේ මම හිතන විදිහට වැදගත් මලක් වැස්සට කලින් ඒක සුදුයි ඒත් වතුර වැටුනම ඒ මල් පෙති විනිවිද පේන්න ගන්නවා මම මෙහෙ එන හැමදාම මගේ පරණ සෙරෙප්පු හැඩ කරන චූටි මල් ටික අතට අරන් හාදුවක් දීලා ඒ ටික වතුරට දැම්මා ඒකත් මගෙ පුරුද්දක්






" තමුසෙට හෙට දවල් වෙලාව නිදහසේ ඉන්නවා හවසට යන්න එපැයි "

ගෙදර ආව ගමන් කුඩම්මා මට නිදහසක් දුන්නා කුස්සිය එහා පැත්තේ තිබ්බ මගේ චූටි කාමරේට ගිහිල්ලා මම නිදාගත්තා වැඩක් නොකර නිදාගත්ත මුල්ම දවස






________________________










උදේ දහයයි
මම නිදාගත්තා ගොඩක්.... මේ මම හොදට නිදාගන්න අවසාන දවස වෙන්න ඇති
කාමරෙන් එලියට එද්දිම දොර ඉස්සරහ තිබ්බෙ පෙට්ටියක් මම කුතුහලේටම ඔක්කොටම කලින් ඒක කාමරේට අරන් ගිහිල්ලා ඇරියා
හහ් කුඩම්මගෙ නෝට් එකක්

' මේක ඇදගන අපේ ශාලාවට එනවා '

එච්චරයි

මම පෙට්ටියෙ තිබ්බ ඇදුම එලියට ගත්තා අත් නැති තනි සුදු පාට දිග ගවුමක් , මගේ මරන ගවුම

මට මේ ගමන ගැන ඊයෙ බයක් දැනුනත් අද වෙන කොට ඒක කිසිම හැගීමක් නැති දෙයක් වෙලා මාව රාක්ශයෙක්ට බිලි දෙනවා කියන එක.... අනික මේ 2024 තාක්ශනේ මෙච්චර දියුනු කාලෙක කුඩම්මකා නහය දිහ කොස්සෙ නැගලා පියාබන මායාකාරියෝ වගේ කතා කරන එක මට නම් ලොකු විහිලුවක්

සුදු පාට දිග ගවුම ඇදගන බොක්ස් එකේම තිබ්බ සපත්තු දෙකත් දාන් මම කුඩම්මලා එකතු වෙන ශාලාවට ගියා මුලු ගමම අපේ ගේ වටේ වටවෙලා ඒත් කවුරුත් මා ගාවට ආවේ නෑ

" උබ ආවද... ඉදගන්නවා "

කුඩම්මාට වඩා තරුන පාට කෙනෙක් මාව පුටුවක ඉන්දෙව්වා එයාලගේ නායකයා වගේ පෙනුන වයසක ගෑනු කෙනා පින්සලක් අරන් මන් ගාවට එද්දි මට පිටිපස්සෙ හිටිය කෙනා මගෙ අත් තදින් අල්ල ගත්තා

ඒ ගෑනු කෙනා ඕනවට වඩා නිරාවරනය වෙලා තියන මගේ පපුවේ , පිටේ , උරහිස් දිගේ , දණ හිසෙන් පහළ ඉදන් කකුලෙ වලලුකර ගාවට යනකල් ඉරි කෑලි වගේ අකුරු වගයක් ලිව්වා එයාලා මාව අල්ලන් හිටියත් මට හෙලවෙන්න කිසි උවමනාවක් තිබ්බේ නෑ

" උස්සපන් මූන "

එයා ඒ පින්සලෙන්ම මගේ නලලෙයි ඇස් අගයි නිකටෙයි මොනාද ලිව්වා ඊට පස්සේ අර ලියපුවා හොදට පේන්න මගේ කොන්ඩේ උඩට කරලා බැන්දා ඒ වැඩ වලට සෑහෙන වෙලාවක් ගියා

" පහ හමාරයි , වැඩ උඩ තියන වෙලාවක් අරන් වරෙල්ලා ඔය කාලකන්නි කෙල්ලව "

කුඩම්මා අනික් අයට විදාන දෙද්දි ඒගොල්ලෝ මාව අල්ලගන කැලේ පැත්තට එක්කන් ගියා

එයාලා හත් දෙනෙක් මා එක්ක කැලෙ ඇතුලට ආවා මන් මේ තරම් කැලේ ඇතුලට කවදාවත් ඇවිල්ලා නෑ එකම වගේ උස ගස් කවුරු හරි හිටවලා වගේ එකම පරතරයකින් තණකොල ගස් පවා මාර පිලිවලකට වැවිලා තිබ්බා ඇගට නොවැටුනත් මට පිනි වැටෙන සද්දෙ ඇහුනා ඒත් මාව එක්කන් ආව හත් දෙනා මොනාද මතුර මතුර ආව නිසා මට ඒ සද්ද හරියට අහ ගන්න බැරි උනා

" නැවතියන්.... ඌ මේ ලග ඉන්නවා "

කිසි බයක් නොතිබ්බ මගෙ හදවත රේස් යන්න පටන් ගත්තා

" ඊසූ උබ මෙතන ඉදහන් , උබේ තාත්තා සතුටු වෙයි එයාගෙ කාලකන්නි දුව ගම බේරගන්න බිලි උනා කිව්වම "

එයාලා ගියා .....
මගේ වයසෙම වගේ දුවලා ඉන්න හැමදේ ගැනම සාදාරනව හිතන වයසක ගෑනු ටික මාව කැලයක් මැද්දෙ දාල ගියා
මම දැක්ක හැටි වැරදි නැත්තම් මාව දාලා අඩි දහයක් ගියාට පස්සේ එයාලා අතුරුදහන් උනා

කවදාවත් නොදාපු සුදු පාට හීල්ස් එකට කකුල හොදටම කැපිලා අනික කැලේක හීල්ස් දාන් ඇවිදින්නවත් පුලුවන් ද??

මොන මල යකෙක් හිටියත් කමක් නෑ කියලා මම හීල්ස් දෙක එක අතකට අරන් අනිකෙන් බිම දිගේ ගෑවෙන ගවුම ගුලි කරන් දිරපු ලී , අදුරු තණකොල උඩින් අඩිය තිබ්බා

මම පලවෙනි අඩිය තියද්දිම කවුරු හරි මගේ ඉන වටේ අත දාලා පස්සට ඇදලා ගත්තා....

මොල මල යකෙක් උනත් කමක් නෑ කියලා මම හීල්ස් එකෙන් ගහන්න යද්දිම පිටිපස්සේ හිටිය කෙනා හීල්ස් දෙක උදුරලා අරන් විසි කරා








🌝👍 ඔම්න වැඩ පටන් ගන්නයි යන්නේ

Dark whisper Where stories live. Discover now