එයා එකපාර මාව උස්සලා විසි කරා!!!
වතුරට!!!එතනම එහා පැත්තේ තියන ලොකු පොකුනට එයා මාව විසික් කරත් මාව සීරුනේවත් නෑ ඒත් ඒ වතුරට මගේ ඇග පුරා ඇදල තිබ්බ පින්සල් ඉරි කෑලි එකපාරම මැකිලා ගියා මම එහෙම්ම ඔලුව උස්සලා බැලුවේ මාව වතුරට විසික් කරපු යකා මොකාද කියලා
පොකුණේ ඉදන් මන් එයා දිහා බලද්දි එයා , ඒ යකා කලු පාට ලොකූ ලෝගුවක් ඇදන් මන් දිහා බලන් හිටියා එයා මූනේ රෙදි කෑල්ලක් බැදන් හිටිය නිසා එයාගේ සම්පූර්න මූන නොදැක්කත් ඒ ඇස් තිබ්බෙ මගේ දිහාවට මම අත් දෙකෙම්ම පපුව වහගන යකාව නොදැක්කා වගේ ගොඩට ආවා අර ගව්ම තෙමිලා හොදටම බර වෙලා
යකාගෙ ඇස් අමුතු විදිහට හිනා උනා එයා මා ගාවට ඇවිල්ලා එයා උඩින්ම දාන් හිටිය ලෝගුව ගලවලා මට දැම්මා
මෙයා මරන්න කලින් මාර විදිහට පරිස්සම් කරනවා හැබැයි
" මාව මරන්නෙ නැද්ද"
මැරෙන්න මනස ලෑස්ති කරන් ඉද්දි , එයාලා කිව්ව කැලේ ඉන්න යකා ඉස්සරහ ඉද්දිත් මාව ඌ නොමැරුවාම අවංකවම මට බය හිතුනා මාව අවුරුදු ගානක් වද දිදී මරයි කියලා
යකා මුකුත් නොකියා ඉස්සරහට ගියා යන්න තැනක් නැති නිසා මාත් එයාගේ පස්සෙන් ගියා
සුදු පාට ගවුමයි දිග කලු පාට ලෝගුවයි මගෙ පස්සෙන් ඇදීගන එද්දි මගේ කකුල් තෙත පොලවේ තණකොල පොඩි කරන් එයාගෙ පස්සෙන් ගියා
කලුවර වැටෙන්න වැටෙන්න පාට පාට කණාමැදිරියෝ කැලේ පිරුනා මීට කලින් මම දැනන් හිටියෙ නෑ පාට පාට කනාමැදිරි ඉන්නවා කියලා
තව කලුවර වැටෙද්දි අපි එක උස තියන ගස් පේලි පහු කරලා තිබ්බා පාට පාට කණාමැදිරියෝ එකෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුත් මේ සීමාවට ආවේ නෑ ඒ වෙනුවට නම නොදන්න මොනාදෝ මන්දා ගස් ජාතියක එලිය විහිදෙන මල් පිපිලා තිබ්බා
එයා දිගටම ගියා
මාත් එයාගෙ පස්සෙන් ගියා
අවසානෙ එයා නැවතුනා
මාත් නැවතුනාඒක ලොකු මාලිගාවක්
හිතාගන්න බැරි තරම් ලස්සන මිනිස්සු එහාටයි මෙහාටයි ඇවිද්දා මාලිගාව වටේ තියන උද්‍යානයේ මල් වලට එයාලා දිලිසෙන මොනාද මන්දා දැම්මා හැමෝම ඇදලා හිටියේ අමුතු ඇදුම් අර යකා ආවා විතරයි හැමෝම එයාට ආචාර කරලා මා දිහා බැලුවාමේ ඔක්කොම යක්කුද??
යක්කු මෙච්චර ලස්සනද??මම ඇස් ලොකු කරන් ඉද්දි ඒ යකා මාව එකපාර වඩා ගත්තා ඊටපස්සේ මගේ කර වටේ තිබ්බ ලෝගුව මගෙ මූනට දැම්මා මම හොදටම බය වෙලා හිටියේ මගේ තෙත ගවුමෙන් තාම වතුර බින්දු වැටෙනවා යකා පඩිපෙලක් නගිනවා මට දැනුනා ඊට පස්සේ එහාට මෙහාට හැරෙනවා දැනුනා ටිකකින් එයාගේ ගමනේ වේගේ අඩු උනා මට දැනුනා එයා මාව ආය පොකුනකට දානවා
දිය කරවලා මරන්නද යන්නේ???ඊටපස්සෙ එයා මගේ මූන වහලා තිබ්බ රෙදි කෑල්ල අයින් කරා
ඒකත් පොකුනක් , මාලිගාව ඇතුලේ තිබ්බ පොකුණක් කලු පාට ලෝගුව එක්කම වතුරේ හිටිය නිසා මට දැනුන අපහසුතාවය ටිකක් අඩු උනා ඒත් අර යකාගේ ඇස් තිබ්බෙම මා ගාව
" මොකද "
යකෙක් උනත් තාම මට සීරීමක්වත් නොකරපු නිසා මගෙ කටට පණ ඇවිල්ලා තිබ්බා
" ටයිටේනියා "
එයා එයාගේ අතක් මගේ මූනට ලන් කරා ඒ වෙලාවේ නම් මම ඇත්තටම බය උනා මොකද එයාගෙ නියපොතු ගොඩක් දිගයි තද දම් පාටයි විශ පිරුනු කටු වගේ එයාගෙ නියපොතු දිලිසුනා එයාගේ ඇගිල්ලේ උඩම පුරුකේ තැනින් තැන තද දම් පාට කැලැල් තිබ්බා
ඒ අත් මගේ මූනට ලන් වෙද්දි මන් ගැස්සෙනවා දැකලදෝ මන්දා එයා එයාගෙ අත අයින් කරගත්තාආය පාරක් මාව පොකුනේ දාලා එතන තිබ්බ දොරෙන් එලියට ගිය එයා ආවේ රතු පාට ලෝගුවක් වගේ ගවුමක් අරගන , ඒකත් පොකුනේ වතුර වැදෙන්නෙ නැති තැනකින් තිබ්බ එයා පොකුන ඇතුලට එන තැන තිබ්බ තිර රෙද්දක් වගේ එක වහගන එලියට ගියා
එයා යකෙක් කියන එක මට විශ්වාසයි ඒත් එයා ඇයි මාව මැරුවේ නැත්තේ ???
කාටවත් ඇතුල පේන්නේ නෑ කියලා සහතික කරගන මම කලු ලෝගුව හිමීට අයින් කරා ඊට පස්සේ මඩ වැදුන ගව්මත් හිමීට ගලෝලා දැම්මා
ඒ වතුර හරිම සනීපයි වතුරෙන් එලියට එන්න නොහිතුනත් දවසම වතුරෙ ඉන්න බැරි නිසා වතුරෙන් එලියට ඇවිල්ලා අර රතු පාට ගවුම ඇගට දා ගත්තා ඒක හරිම සැහැල්ලුයි
පොකුනෙ තිර රෙද්දෙන් එහා තිබ්බේ කාමරයක් යකා ඒකේ ඇද උඩ ඉදගන හිටියාඑයා හදන්නේ මට!!!!!
එයා ඒම නෑ මෝඩ ඊසූ
YOU ARE READING
Dark whisper
Fantasyකන්‍යාවියන් බිලිගන්න කැලෑවේ ඉන්න විරූපී රාක්ශයෙක්....... අම්මා මරාගන ඉපදුන නිසා ගෙදරින් වද විදින කෙල්ලෙක්.....