1 Week Later
අද නම් ඔම්මගෙන් අහන්න ඕන gunwoo ගේ පාර්ටි එක ගැන. නැත්නම් මගේ ඔලුව කයි 😒. ඔම්මයි අප්පයි අවුලක් නෑ. අර යකා තමා ඊලගට ඔලුව කන්නේ මගේ.
ඔම්මා ඔයා කොහෙද?? ඔම්මා..
මොකද ලමයෝ බෙරිහන් දෙන්නේ?? මං කුස්සියේ ඉන්නේ?
ආ එහෙද? ඉන්න මං එන්නම්..
ඔයා මොනාද කරන්නේ ඔම්මා??
කුස්සියට වෙලා මං මේ නිදා ගන්නවා.. මං මොනා කරනවා වගේද පේන්නේ ආ??
හරි හරි ඉතිං... මට පේනවා. නිකං ඇහුවේ..
දැන් මොකටද මාව හෙව්වේ ?
ආ මේ මේ..
ඇයි ඒ පාර මොකක්ද?
ඔම්මා ඔයා ඉතින් මගේ සුදු ඔම්මනේ.. 😁😁
හරි හරි බටර් ගාන්නේ නැතුව කියන්න..
මේ මේ මේකයි. මගේ ස්කූල් එකේ යාලුවාව මතකද ඔයාට?
කවුද ඔයාගේ යාලුවා. අර ජීමින් කොල්ලද?
නෑ නෑ එයා නෙමේ.. මගේ ක්ලාස් එකේ හිටියේ අර එදා ප්‍රේරන්ට්ස් මීටින් එක දවසේ මගේ නම කියලා මහ හයියෙන් කෑ ගැහුවේ..😐
ආ අර උස සුදු කොලුවා. ටිකක් මහත.
ඔව් ඔව් එයා තමයි. එයා තමයි gunwoo.
ඉතින් ඇයි දැන් ඒ ළමයා ගැන කිව්වේ.
මේ එයාගේ බර්ත්ඩේ එක තියෙනවනේ ලබන සතියේ 16 සෙනසුරාදා දවසක තියෙන්නේ.
ඉතින් ඔයාට පාර්ටි එකට එන්න කිව්වද?
කොහෙද තියෙන්නේ. ඒ ළමයගේ ගෙදරද? මං ඕනනම් ගිහින් දාන්නම්.
නෑ නෑ. හන් ගග ලග තියෙන්නේ. හවස 4 ට වගේ එන්න කිව්වා. එයාත් එක්ක යන්න මට මගට එන්න කිව්වා..
ම්ම් එහෙමද ඔයාට එදාට ක්ලාස් තියෙනවනේ..
ක්ලාස් තියෙන්නේ උදේට. හවසට මුකුත් නෑ.. අනේ ඔම්මා මං යන්නද😐😐
ම්ම්ම් යන්න එහෙනම්. හැබැයි අප්පගෙනුත් අහන්න කෝල් කරලා. එයා යන්න කිව්වොත් යන්න. මං මගට දාලා එන්නම් ඕනනම්.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. එයාගේ ආදරය වෙන කෙනෙක්ගේ කියලා දැන දැනත් ඒ අහිංසක හිත එයාට ගොඩක් ආදරය කරනවා...