One Day Before Trip
ජීමින් ඔයා එනවා නේද හෙට?
ඕ ටේ මං එනවා. මේ ඔයා ෆෝන් එක අරන් එනවද?
ඇයි ඒ අරන් එන්න කියලා හැදුවේ. නැත්නම් ෆෝටෝ එකක්වත් ගහන්න එකක් නෑනේ..
එහෙනම් හොදයි. යුංගි හියුන්ටත් යවන්න පුලුවන් එහෙනම්.
ඇයි මේ පාරත් ඉල්ලූවද ෆොටෝ..?
ම්ම්ම් ඔව්. පව්නේ ඉතින්.
හරි හරි ගහමුන්කෝ..
ම්ම්ම්...
ළමයි දැන් කියෙව්වා ඇති හැමෝම පොත් ගන්න. අපි ඊයේ නවත්‍තපු තැනින් පටන් ගමු. අද අපිට බයලොජි පාඩමේ අන්තිම ටික ඉවර කරන්න පුලුවන් වෙයි.. කොතනින්ද අපි ඊයේ පාඩම නැවැත්තුවේ.
මානව රුධිර සංසරණ පද්ධතියෙන් මිස්..
හරි එතන ඉදන් පාඩම් කියවගෙන ආවද ළමයි.
ඔව් මිස්..
ආ එහෙනම් හොදයි. මං ඔයාලට මේ සම්බන්ධව විඩියෝ එකක් ප්ලේ කරලා පෙන්නම්.. අපි මුලින්ම ඒක බලල ඉමූ.
----------------------------------------------------------------------------------
හරි ඔන්න අද ඔයාලගේ අන්තිම බයලොජී පාඩමත් ඉවර කරා. දැන් ඔයාලගේ සිලබස් එක කවර් කරලා තියෙන නිසා හෙට ඉදන් ඔයාලා පාස්ට් පේපර්ස් අරන් එන්න.
මිස් හෙටනේ අපි ට්‍රිප් එක යන්නේ?
ආ ඔව් නේද? හෙට උගන්නන්න වෙන්නේ නෑනේ. සදුදා ඉදන් අපි පාස්ට් පේපර්ස් ටික කරන්න පටන් ගන්නවා. හැමෝම පොත අරන් එන්න. ඒ වගේම හොදට පාඩම් කරන් එන්න.
හරි මිස්..
සැන්ග්මි කිව්වාමයි මට මතක් උනේ හෙට ට්‍රිප් එකනේ කියලා. දැන් හෙට හැමෝම එනවා නේද ට්‍රිප් එක යන්න? නම් දුන්න හැමෝම එනවනේ. ගෙවල් වලින් ප්‍රශ්නයක් නෑනේ කාටවත්? ඔන්න එනවා කියලා එන්නෙ නැතුව ඉන්නේ එහෙම නෑ කවුරුත් හරිද? 🤨
දේ මිස්..😁
ම්ම්ම් අර මං දුන්න විස්තර පොත හොදට කියවගෙන එන්න ළමයි. අනිවාරෙන් ඔයාලා අවශ්‍ය කරුණු එහෙම ලියාගන්න පොඩි නෝට් පොතක් පෑනක් එහෙම අරගෙන එන්න ඕන. තව ඔයාලට දුන්න මැප් එක අරන් එන්න.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)
Lãng mạnඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. එයාගේ ආදරය වෙන කෙනෙක්ගේ කියලා දැන දැනත් ඒ අහිංසක හිත එයාට ගොඩක් ආදරය කරනවා...