" අනේ පුතේ අර දරුවට කම්මැලි ඇති ගේ ඇතුලෙ ම ඉදලා. දෙන්නත් එක්ක ගිහින් ටිකක් ඇවිදලා කරලා එන්නකො.
කතා කරන්න දෙවලුත් නැතෑ. බදින්න ඉන්න ජෝඩුවක් නෙ..."ඇවිදලා එන්න?
සුදු පූසත් එක්ක?
අනික කතා කරන්න ?
මොනා ගැනද?
බැරි වෙලාවත් අපෙ අම්මට සේතo මාම ගෙ අරක්කු වඩියක් වත් පෙවිලද?" අනේ ඇම්මේ.....හ්......"
"හනේ පනේ නෙවෙයි . යනවා යනවා. මන් ඒ ළමයටත් කිව්ව. අපිත් යනවා හොද නැකතක් බලලා හොටෙල් එකක් බුක් කරලා එන්න. තව වැඩ දෙක තුනකුත් තියෙනවා . එනකොට රෑ වෙයි. ඒ නිසා අර ළමයා එක්ක පොඩ්ඩක් ඇවිදලා වරෙම්. "
ඕකනෙ ඕකනෙ.
කරන්න බෑ නේ ඉතිම්.
අපෙ අම්මට හදිස්සිය. මාව පන්න ගන්න.
තේරෙයි මන් ගියාම , ශ්‍රියා කාන්තාව ව පන්න ගත්තෙ කියලා. හුම්...***************************
මන් හිටියෙ සුදු පූසා එක්ක සන්චාරෙ යන ගමන්.
පූසා නම් කට ඇරගෙන වට පිට බල බල යනවා. මන් නොහිටින්න එක පාරක් හොම්බෙන් යන්න ගියා . ඒ තරම් වහ වැටිලා.
මට නම් ඒ තරම් ගානක් නෑ.
මොකෝ මේ මන් අද ඊයෙ ඉදන් යන පාරක් නෙවෙයි නෙ.එක්කො පව් ඉතිම්.
එහෙ මේ වගේ නැතුව ඇති නේද? අනේ මන්දා ...**********
සුදු පූසා එක්ක ඇවිදලා ඇවිදලා හොද පන ගිහින් මම ගෙදර ආවෙ.
යසයි .
වෙලාව 4.00යි.
පැය 3ක් තිස්සෙ ඇවිදලා.
උදාරයි ඈහ්.
දැන් ඔක්කොම පැත්තක දාලා රෑට උයහම්කො.අපෙ අම්මටත් යන් දේවාලෙක අපි දෙන්නවත් අරම් යන්න බැරි උනා නේ.
කැති පොලු හට්ටි මුට්ටි හැදි අනම් මනම් ඔක්කොම හොයාගෙන මන් ලෑස්ති උනේ උයන්න.
උයන එක නම් ලොකු අවුලක් නෑ.
කන්න පුලුවන් වෙයි ද දන්නෙ නෑ." ම්ම්..... මොනාද හදන්නෙ.....
අල හොද්දක් හදලා...
හාල්මැස්සො බැදුනුයි
බතුයි.
ආයෙ ඉතිම් five start තමා මන් උයනවා කියන්නෙ..."කලින් උයලා නෑ. ට්‍රයි එකක් දාලා බලනවා.
Try and try one day you can fly කියලා කවුද මන්දා කියලා තියේ ලු නේ.තනියම කියව කියව මන් අල එක තැම්බෙන්න ලිපේ තියලා
ඔලුවට ආව අදහසකට බිත්තරයක් කඩලා ඒකට දැම්මා." සුට්ටක් පැනි රහ උනා නම් හැබැයි රස වෙයි නේද? "
ඒකට ම සීනි හැදි තුනක් විතරත් දාපු මම සින්දුවක් කියන ගමන් ම සේරා පිටි කල පොල් කිරි එකක් අරන් දිය කරන්න ගත්තා.
" යො ... යොහ්...
පොල් ගාන්න වෙන්නෑ..
නෑ .. නෑ...
පොල් මිරි කන්න වෙන්නෙ නෑ..
ආයෙ ඒවා ඕනි වෙන්නෙ නෑ..
මේ මගුලත් මට ඕනෑ නෑ....."පොල් කිරි එක හදලා මන් හාල්මැස්සො සුද්ද කරන්න පටන් ගත්තා.
මහ ලොකුවට මාව බදින්න ආව එකා ලැප් එක දිගෑරගෙන සෝෆා එක රත් කරනවා.
යසයි ...
අපූරුයි.
හැබැයි මන් වගකීමෙන් කියන්නෙ. ප්‍රොෆා නෙවෙයි හබ්බා නෙවෙයි මොකා උනත් බැන්දයි පස්සෙ ඔය සෙල්ලම් බෑ.
දෙකට නමලා ඔබනවා මන් ඇලේ.
ඇයි යකෝ.අල එක තැම්බිලා ඉවර උනාම කිරි ටික දාපු මන් හොද්ද හැදි ගගා ඉන්නකොට කුප්ප අදහසක් ඔලුවට ආවා.
හැරෙන තැපෑලෙන් පොඩි හැන්දකට ලුනු ටිකක් ගත්ත මන් ඒකටම අල හොදි ටිකකුත් දාලා කලවම් කරා.
ඈයිස්... නයිස්..."යූන්ගියා.... අනේ මේක හොදද බලන්නකො....."
සෝෆා එකේ ඉදගෙන ලැප් එක ඔබ ඔබ හිටපු සුදු පූසා ලගට ගියපු මන් අර හැන්ද එයාගෙ කටට එබුවා.
හරි.
හරි .
මිචෙන් සක්සෙස්.කොල්ලගෙ මූන බලාගෙන ඉද්දි වෙනස් උනා.
අපායට ගහපු කැලැන්ඩරේ වගේ." අනේ යූන්ගී.... රස නැද්ද.."
" ඈහ්... රස .. ආ... මේ .... න්...නෑ.....අවුලක් නෑ.."
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Hi kittens 🐱
කෝමද .. ?
අල හොද්ද කාලා බලන්න ආසා හිතෙයි.
ගිහිම් එන්නම්
ආදලෙයි හැමෝටම.
YOU ARE READING
💕Marrage 💕
Fanfiction" වරෙන් කන්න යමන්" " මට බෑ. උපවාසයක් කරනවා මන් මේ ..." " ඒ මොකද බන්? " " මේ මගුල කැඩියන් කියලා .... "