━━━━ EVIL LOVER ━━━━━ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔
#EvillLover
━━━━━━━ Episode 11 ━━━━━━━
🤍📱 අනේ අරී මට බයයි.
📱🤎 අනේ මන්දා බං උබත් පොඩි ළමෙක් වගේනේ.
🤍📱 එයා කවදාවත් මෙච්චර පරක්කු වෙලා නෑ.. අනේ ප්ලීස් ජීමින් ඔප්පටවත් ටිකක් බලන්න කියන්න අරී ප්ලීස්.
📱🤎 ඕකේ ඕකේ ඔහොම ඉන්න ටිකක්. මන් එයාට කතා කරලා ඔයාට කෝල් බැක් කරන්නම්.
🤍📱 අනේ තැන්ක්ස් කෙල්ල..
කෝල් එක කට් කරලා ෆෝන් එකත් තුරුල් කරම අරෝ එහෙම්ම සෝෆා එකට වැටුනේ හිතේ තියෙන බය දුක මැඩගෙන. දැන් මාසෙක දෙකක ඉදන් ටේ ගෙදර එන්නේ පාන්දර ජාමේ. අරෝ ඒ ගැන ප්‍රශ්න කරත් අරෝට හරි පිලිතුරක් ලැබුනේ නෑ. ඒත් අද ටේ පාන්දර වෙලත් තවමත් ගෙදර ආපු නැති එකට අරෝ ඉන්න බය වෙලා. කෑම ටික හදාගෙන ටේ එනකම් දොර දිහා බලාගෙන සෝෆ් එකට වෙලා වාඩි වෙලා හිටපු කෙල්ලට නින්ද ගියේ හිතන්නවත් වෙලාවක් නොදී.
මහසිය නිසා සෝෆා එකේ වාඩි වෙලා ටික වෙලාවකින් අරෝට එහෙම්ම නින්ද ගිහින් තිබුනා. ඒත් කෙල්ලට ආයේ නැගිටිනකොට පාන්දර 1.30 වෙනදා මේ වෙලාව වෙද්දී ගෙදර එන ටේ තවම ඇව්ත් නෑ කියලා තේරුන ගමන් අරෝ ටේට කෝල් ගත්තත් ටේගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබුන එක අරෝව තවත් බය කරා. දැන් වෙලාව පාන්දර 3 බලාන් ඉදලා බැරිම තැන අරෝ අරීට කෝල් එකක් ගත්තේ ජීමින් කුකී එක්ක පාර්ටි එකකවත් ගියාද කියලා තියෙන සැකේට.
ඒත් එහෙම පාර්ටි එකක් ගැන අරී නොදැන හිටපු නිසා ජීමින්ගෙන් අහන්නම් කියලා අරී ෆෝක් එක කට් කරත් අරෝගේ හිත තාම නොසන්සුන්. දවල් ඉදන් හරි කෑමක් නැතුව ටේ වෙනුවෙන් බලාන් හිටපු අරෝට ගොඩක් මහන්සී. අදවගේ දවසක ටේ වෙනුවෙන් අරී හැම සැරයකම වගේ ලස්සන පුංචි පාර්ටි එකක් ලැස්ති කරලා තිබුනා.
මොකද්ද මේ විශේෂය කියලා බලනවද...? අද ටේගේ බර්ත් ඩේ එක්ක. අරෝ ටේ දෙන්නගේ මැරේජ් ලයිෆ් එකේ ටේගේ හැම බාත් ඩේ එකකටම අරෝ එයාට පුලුවන් විදිහට හැමදේම ඇරේන්ජ් කරලා පුංචි පාර්ටි එක්ක ඕර්ගනයිස් කරා. අදත් එහෙම්මමයි. අරෝ ටේ වැඩට ගිය වෙලාවෙ ඉදන්ම මේ වෙලාව වෙනකන්ම හැම දේම සූදනම් කරා. වෙනදා වගේ 12ට විශ් කරන්න බලාන් හිටියත් ටේ මේ වෙනකන් ගෙදර ආවේ නැති එක අරෝව ගොඩක් බය කරා.
YOU ARE READING
━━━━━ EVIL LOVER ━━━━━
Ngẫu nhiênඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔 ♡ .............මන් එයාට ආදරේ කරන්නේ කවදද කොහොමද කියලා මන්වත් දන්නේ නෑ...... ♡ ...........එයා මට අනිත අය වගේ සාමාන්‍ය කෙනෙම් විතරයි. ♡ ..........නෑ අප්පා මේක කවදවත් වෙන්නේ නෑ...