Chapter 28

128 15 2
                                    


"අයේශා ඔයාට ඒ මූණ පුරුදුයි කියලා හිතෙන්නැද්ද?"

"මට ඒක ඔයා කියනකල් ලොකුවට ගානක් ගියේ නැ කැලුම් "

"මට හිතෙන්නෙම ඒ මම කියපු කෙනා කියලා. ඒත් මට විශ්වාස කරන්නත් බැ. අනේ මංදා මට මේක ගැන හොයන්න හිතෙනවා"

"එයා ඔයා හිතන කෙනා නම් අභිශේක පුතා කීයටවත් අපිට ඔය ගැන නොකිය අරින්නැනේ. අනික ශාක්‍යට හරි කියනවනේ."

"මට අහන්නත් හිතුනා. ඒත් ඇහුවේ නැ ඒ දරුවගෙන්."

"ඕවා අනවශ්‍ය ප්‍රශ්න කැලුම්. කෝ එන්න අපි නිදාගමු..මහන්සි කැලුම් හරිම. උදේට වැඩට යන්නත් ඕනනේ මම"

"හරි ඩාලින්. මම එන්නම් බ්‍රශ් කරගෙනම"

ලක්කයී මමයි මූණට මූණ බලාගත්තා. තාත්තා බාතෲම් එකට එන්න හදන නිසා දෙන්නා එක්කම හනික පඩිපෙල නැගගෙන අපි හිටපු තට්ටුවට ගියා. ලක්කා කාමරේ දොර අරින්න හදනකොටම මම ඌව නැවැත්තුවා.

"උබට ඇහුනෙත් මට ඇහුන දේවල්මද?"

"ඕව් බං. මොකද්ද ඒ සීන් එක?"

"අනේ මංදා බන්. මටත් තේරුන් ගන්න බැ තාත්තා ඒ මොකද්ද කිව්වේ කියලා.. ඇරත් මට අහන්නත් බයයි ඊට පස්සේ හොරෙන් අහන් හිටියා කියාවි ද දන්නැනේ"

"මං නං කියන්නේ පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉදියානං හරි. තාත්තට උබලා ගැන ඉව වැටිලවත්ද දන්නැ බල්ලො"

"හිකෙනවා උට්ටො ඒම උනොත් නං."

"හරි හරි දැන් ඕවා නොහිත යමන්. කේස් එකක් වෙනේකක් නැ බං"

ලක්කායි මමයි කාමරේ ඇතුලට ගිහින් දොර හොදට ලොක් කරලා යතුරත් මගේ ලගට ගත්තා. කපල්ම දෙකක් ඉන්න මේ රූම් එකේ රැට මොන මොන නාඩගම් වෙයීද කියලා දන්නැනේ. අවදානමට පෙර සූදානම හොදයිනේ කෝකටත්. අපි දෙන්නා කාමරේට යනකොටත් කට්ටිය ෆිල්ම් එකක් තෝරගෙන දාගෙනත් ඉවරයී. අන්තිමට අපේ ගෙදර නැවතුන දවසේ බිම එලාගෙන හිටපු ශීට් එකයී කොට්ට ටිකයි බ්ලැන්කට් ටිකයි මම මගේ කාමරේම තියගෙන හිටපු නිසා ඒවාම ගෙනත් මම ඉන්න තැන හදාගත්තා. බිම නං ඉතින් හිතේ හැටියට පෙරලි පෙරලි ඉන්න ඉඩ තිබුනත් තෝරගෙන තිබුනේ හොරර් මූවි එකක් නිසා පස්දෙනාම ඇට අස්සේ පණුවො දාන සයිස් එකේ එකාට එකා ගුලිවෙලා හිටියේ. ලක්කා නිලු අයියගේ එහාපැත්තේ වාඩිවෙලා අයියට හේත්තුවක් දාල ඉද්දි මම අභි අයීයගේ කකුල් දෙක අතරට ඇවිත් වාඩි උනේ එයා මගේ ඉණ වටේ එයාගේ අත් දෙක ඔතාගනිද්දි. විහග අයීය නම් ඉතින් යකෙක්ටවත් බය නැතී එකා නිසා ඌ තනියම අපි හතර දෙනා මැද්දේ වාඩිවෙලා ඔලුවේ ඉදන් බ්ලැන්කට් එක පෙරවගෙන ටිවී ස්ක්‍රින් එක දිහා බලාන ඉන්නවා.

Aster Monarch Where stories live. Discover now