Chapter 03

269 63 33
                                    

" ජන්ග්කුක් ඇඩිල්ල නතර කරගන්නකෝ අප්පා...අපි ඔයාගේ මාලේ හොයාගමු.."

පැය ගානක් තිස්සේ අඩන ජන්ග්කුක් දිහා බලන් ජිමින් කිව්වේ සසර කලකිරිලා වගේ...ජන්ග්කුක්ගේ ඇඩිල්ලවත් සාමාන්‍ය නොවෙනකොට ජිමින්ගේ චූටි කන් බ්ලොක් වෙලා වගෙයි දැනුනේ..

" ඔයා ඇත්තටම මට මාලේ හොයාගන්න උදව් කරනවාද චිමියෝ ?? "

හුරුස් ගගා හොටු උඩට අදින ගමන් ජන්ග්කුක් අහනකොට ජිමින් ඔව් කියලා ඔලුව වනලා එයාගේ ලේන්සුවත් ජන්ග්කුක්ට දුන්නා හොටු ටික පිහිදගන්න..

චිම් ඇත්තටම හොද ලමයෙක්...

" ඔයා මෙතනින් එලියට යන්න කලින් දේවල් ටිකක් දැනගන්න ඕන ජන්ග්කුක් "

ජිමින් හොටු හූරන ජන්ග්කුක් දිහා බලාගෙන කියනකොට ජන්ග්කුක් මොකක්ද අහන්න වගේ ජිමින් දිහා ඇස් බෝල කරන් බැලුවා..ටිකක් කියවන වැඩි උනාට ජන්ග්කුක් කියන්නේ හොද ලමයෙක් කියලා ජිමින් තේරුම් අරගෙනයි තිබ්බේ.

" අහන්නකෝ මුලින්ම ඔයාට නමක් දාගන්න ඕන...මේ ඉස්කෝලේ ඇතුලේ අපිට අපේ සම්පූර්ණ නම පාවිච්චි කරන්න තහනම් "

ජිමින් කියනකොට ජන්ග්කුක් ඇස් බෝල කරන් ජිමින් දිහා බැලුවා..

" ඇයි ඒ ?? "

" අහන්නකෝ ජන්ග්කුක්..මන් කලින් කිව්වා වගේ මේක සාමාන්‍ය ඉස්කෝලයක් නෙමෙයිනේ...මේකේ ඉන්නේ එක එක බල තියෙන ලමයි...ඉතින් එයාලගේ ආරක්ෂවට තමයි එහෙම සම්පූර්ණ නම පාවිච්චි කරන්න බැරි...පාලක තුමා හැරෙන්න අනිත් කිසිම කෙනෙක් කාගෙවත් සම්පූර්ණ නම් දන්නේ නෑ "

ජිමින් හොරාට වගේ බිම බලන් කියනකොට ජන්ග්කුක්ට තේරුනා ජීමින් පුංචි බොරුවක් එක්ක තමයි ඒක කිව්වේ කියලා...ජිමින් කාගේ හරි සම්පුර්ණ නම අනිවාර්යයෙන්ම දන්නවා කියලා ජන්ග්කුක්ට තේරුනත් ඒක අහන්න ගියේ නැත්තේ හිටපු ටිකට ජිමින් කවදාවත්ම එයාට ඒක කියන්නේ නෑ කියලා තේරුන නිසායි..

" හරි මට ඔයාගෙවත් සම්පූර්ණ නම දැනගන්න බැරිද චිම් ?? "

" සමාවෙන්න ජන්ග්කුක්...මන් දවසක අනිවාර්යයෙන්ම ඔයාට ඒක කියන්නම් "

PETALS of The SWORD || TK Where stories live. Discover now