"උඹ එන්නේ නෑද ඒ කියන්නේ"
"නෑ දින්නා..අප්ප්ච්චි එක්කන් ඉන්න ඕන...අද රෑ අප්පච්චි fly කරන්නේ. So මමත් colombo යනවා එයාව ඇරලන්න රජි අන්කල් හිටියට තනියම නේ බන් අප්ප්ච්චි මට හරි නෑ ඒක..."
එකක් නම් තේරුණා විෂ් කියන්නේ එයාගෙ අප්ප්ච්චිට පන ඇරලා ආදරේ කරන කෙනෙක්..එහෙම වෙන්න එපැයි එයාට ඉන්නෙ අප්ප්ච්චි විතරනේ...side tables වල ඉදගෙන කන ගමන් හිටිය අපි ගාවට ඈතින් විෂ් අයියගේ අප්ප්ච්චි එනවා පේනකොට මන් කෙලින්ම බැලුවේ අයියා දිහා..අනේ මන්දා ඒ වෙලෙ ඒ මූණේ ඇදුනෙ හෙන දුක හිතෙන අහිංසක හිනාවක්...
ඒ අස්සේ මට මතක් උනේ එයා මට දුන්න කිස් එක යාහ්හ් මතක් වෙනකොටත් මාව රත් වෙනවා වගේ ඒ තොල් හරි සිනිදුයිනේ තාම දුන්න තැන දැනෙනවා වගේ..මන් නේ ඕන නැති මගුල් කරන්න ගියේ..ඒත් ඒ වෙලේ ඒ මූණ ලගට දැක්කම මට ඒක කරන්න හිතුනා...ඕක අමතක කරහන් මිතුල නැත්තන් උඹට පිස්සු හැදෙනවා එකල්ලා අම්මගෙ චූටි පුතාට පිස්සු කියලා අංගොඩ දැම්මොත් එහෙම....අයියට වද දෙන්න මල්ලියෙක් කොහෙන්ද මසියගෙන් සල්ලි කඩා ගන්න වෙන්නෙත් නෑ...
ෆුහ්හ්...
රෙද්ද කනට පිඹින්නෙ මොකාද මේ විෂ් ට නම් ලිපකුයි අර දර දාලා ලිපේ පත්තුකරන බටේ මොකක්ද අන්න එකකුයි ගෙනත් දෙන්න ඕන..දැන් අහන්න එප මන් ඒ මොකක්ද කියලවත් දන් නෑද කියලා...දන් නෑ තමා මොකද අම්මා උයන්නේ ගෑස් එකෙන් ලිප ලග කර වෙනවට මන් ආසා නෑ මගෙ සුරකුමරි...
මේ යකා ඒ පාර මගෙ කකුලත් අතගානවා එයා දිහා බලලා ඒ අත කොනිත්තලා අහකට කරාම ආයෙම ආවා අල්ල්න්න..
"අයියේ පාඩුවෙ හිටහන්කෝ බන්...උඹට අසහනේද අයියේ.."
මෙතන අපෙ අයියලත් ඉන්නවා මේ හොල්මන අද මට එයා ලගින් හෙලවෙන්න දෙන්නෙත් නෑ මගුල..ලග ඉන්නකොට එහෙන් මෙහෙන් අල්ලනවා..මෙව්වා බලන්න එන්න කියන්න ඕන එංගලන්තේ මහ රැජිනගෙ මනුස්සයාටම...මාව කිති කැවෙනවා ඒ අස්සේ ඇග ඇතුලේ පනුව නටනවා බැරිම තැන මේ අසහනකාරී විෂ් කරයාට කනට කරලා කිව්වේ මන්...
"උඹව දැක්ක් දවසෙ ඉදන් අසහනෙ තමා මිනූ...."
කන ලගටම කිට්ටුවෙලා ඒ කියනකොට මාව වැක්කෙරෙනවා වගේ.. මන් හිතන එක හරොයාගෙන යනවා වගේ මන් හිතන්නේ...එහෙමයි කියලා මේ මිතුල එහෙම එකපාර චාන්ස් දෙන කොල්ලෙක්ද ඩෝ...නෑ නෑ කොහෙත්ම නෑ..මන් අම්මගේ චූටී පුතා ඉතින් පිලි පදින්න ඕන අම්මගෙ ගති ගුණ හොදවාකාරවම..දැන් උඹලට ප්රශ්නයක් නේද එක මන් අම්මා වගෙර් වෙන එක..මෙහෙමයි බන් අපෙ අප්පච්චි අම්මා පස්සෙන් මාස පහක් විතර ආවලු හරිද අම්මා නෙවේ නිකමටවත් ගනන් ගෙන තියෙන්නෙ...පස්සෙ දෙන්නා ඉස්කෝලෙ ඉවෙන්ට් එක්කදිත් හම්බුනාලු එකත් මේ එකටම පර්ෆෝර්ම් කරන්න තිබ්බ මගුලක්. .ඔය අතර අපෙ අප්පච්චි දන් නෑද ශේපෙන් ශේපෙන් අම්මට කිට්ටු වෙලා ආගිය මුලගිය තැන් අහලා නම්බර් ඉල්ලන් හෙන මගුලක් කොල්ලොනෙ අනේ එහෙම තමා...අම්මා අපි එක්කන් ඕවා රස කර කර කියනවා සමහර වෙලේට...