නිදහසේ ඡීවිතේ විදිනවා කියන්නේ ඉතින් මෙන්න මේකට තමයි.......උදේ ඉදන් රෑ වෙනකන් අහස දිහා බලන් ඉන්නවා කියන්නෙම මට අනුවනම් මාරම මාර දෙයක්.......වෙන කාටවත් නෙමෙයි ඒ මට........කවුරු හරි හිතන්න පුළුවන් එතන කිසිම වැඩක් නැහැ කියලා,......ඒත් අහස කියන්නෙම එක්තරා විදියක පිස්සුවක්......එහෙ බලද්දි මෙහෙ බලනකොට වෙනස් වෙන ලස්සනක්...........................
හරියටම ගත්තොත් මම කියන්නේ අහසට ආදරේ කරන මනුස්සයෙක්.........කළුම කළු පාට අහසකට ආදරේ කරන මනුස්සයෙක්...................
"මේ පොත ඔයා කියවන පස්වෙනි වතාව.....!"
මන්දාරී නැත්නම් මනූ නැත්නම් හරියටම මගේ සුදු පාට අහසේ කළුම කළු පාට වැහි වළාකුළක්...........සුදුයි කළුයි.......සමහර විට ගැළපෙන්නෙම නැති පාටවල් දෙකක්..........
නමවත් නොදැක හරියටම මගේ අතේ තිබ්බ පොත ගැන කියන්න පුළුවන් එයාට.......
"මං පහ නෙමෙය් දාහ වුණත් කියෙව්වම මනූට වැඩක් නැහැනේ........!"
මං පොත අරගෙන පුටුවක් ඇදගෙන වාඩිවුණේ,.....මන්දාරීත් මං ළඟින්ම වාඩිවෙද්දි,.....
"මං මේ කතාවට පුදුම,......!"
"ආසයි!"
මනූ මැදින් පැන්නේ මගේ වාක්යය මැදින් හරියටම කොමාවක් තියලා.......
"ආදරෙයි!"
මම කොමාවට පස්සේ පෙරළි කොමා අතරේ ආදරෙයි කිව්වේ මනූගේ හිත දෙකඩ වෙලා යද්දින් කියලා කෙල්ලගේ මූණ දැක්ක ගමන්ම කියන්න පුළුවන්....................
"පස්වෙනි වතාවටත් ඔය ආදරේ එහෙමමද.....!"
"කී වෙනි වතාවට වුණත් මන්දාරී!,....මං ඒකට ආදරෙයිනේ......ඒක නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ..........!"
"ඇයි එහෙනම් මිනිස්සු වෙන් වෙන්නේ........!"
ම්ම්....ඇයි ඇත්තටම එහෙම....මං මන්දාරී දිහා මොහොතක් බලන් හිටියා,.....මේ තාක් මට ආදරේ කරන්න කෙනෙක් හිටියේ නැහැ......ඒත් මං ආදරේ,කරන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්..........
"නොගැළපෙන තැන්වල නවතින එක කාට වුණත්,වෙන්න පුළුවන්......හැබැයි තේරෙන දවසටත් ඒ වැරැද්දම දැන දැන කරනවානම්,ඒ දෙන්නම දෙන්නටම කරගන්නේ අපරාධයක්............!"
YOU ARE READING
මම!ට
Cerita Pendek"කළුම කළු පාට අහසකට "එළිය!"වගේ ආදරේ කරන මනුස්සයෙක්..................." මනඃකල්පිතයකි.