මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා...
සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා...
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...සිනාසෙන්න නොහැකියි නම්..
මට හඬන්නට...
ඔබ ළඟමයි හැමදාමත්...
කැමති ඉන්නට...ඉමු කඳුලැලි ගලා යන්න...
යනතුරුවත් මට...
ඉඩ දෙන්නකෝ ඔබගේ...
ළඟම ඉන්නට...
කනේ ගහගෙන හිටපු අයිපොඩ් දෙකෙන් එකක් කනෙන් ගිලිහිලා ඇඳට වැටෙද්දී..මම නිදිමර ඝාතම ඇස් වහගෙන ඒක හෙවුවා...අහුවෙන්නේ නෑ නෑනේ හුත්ත...චිහ්...
හම්බ වුණා !
මං ආපහු ඒ කරන් කනේ ගාගත්තා
හැබැයි ටිකක් ඉන්න...මම ඇබේ අරන් කනේ ගාගද්දිම චාමර වීරසිංහ යන්න ලෑස්ති වෙලා හිටියේ...
ඒ නිසාම මට සිංදුව අහන්න තිබ්බ මූඩ් එක නැතිවෙලා යද්දී මම අයිපොඩ් දෙක ඇදට අතහැරියා...
ටින්..ටින්..ටින්..
මොනව හරි ටින් ටින් ගහලා දෙපැත්තට හෙල්ලෙන සද්දේ...නහයට දැනෙන තද සම්බ්රානි සුවඳත් එක්ක..අම්මගේ කකුලේ ගොළුසු සද්දෙ..කෝවිලේ සාමිට දාලා තියෙන ගීතිකාවල හඬ අතරම මං ඇස් ඇරියා...
ඇස් දෙක ඇරපු ගමන් මං දැක්කේ කාමරය පුරාවටම පැතිරිලා තිබුණු දුමක් හැබැයි සුවඳයි..
මං හිතන්නේ අම්මා දුම් අල්ලනවා...
මම ඇස් දෙක ඇරගෙන ඇඳටම ඇලිලා හිටියා...එහෙන් ටින්ටින් සද්දෙ...තව පැත්තකින් ගිරිය කඩාගෙන මුරුගයියා කියලා කෑ ගහනවා...මේ වෙලාවත් එක්ක මේ ගමේ මිනිස්සුන්ට නින්ද ගියොත් තමයි පුදුම...
මං ඇඳෙන් නැගිට්ටා නැගිටලා නිදාගත්ත ඇද අස්කරා..එතන අස්කරලා හිටන් මම කෙලින්ම ගියේ ළිඳ ළඟට...උදේ පාන්දරින්ම සීතල වතුරෙන් හොඳට නාගත්ත...එහෙම නාපුවාම හිතට දැනෙන්නේ හරිම ෆ්රෙශ් ෆිලින්ග් එකක්...
තනි තනි බාත්රුම් නෑ කෙලින්ම ළිඳ...
ළිඳේ තියෙන සීතලම සීතල වතුර වලින් ඇඟ තෙමාගෙන යද්දී මගේ කටින් කට කටකට ගහලා සද්දයක් පිටවුණා...
එච්චරටම සීතලයි...
YOU ARE READING
- කා ර් මා
Non-Fictionඔයාව දැක්ක පළවෙනි දවසේ ඔයා ගැන මට දැනුන හැඟීම මම හිතනවා තව කල්පයක් ගිහිල්ලා ඔයාව දැක්කත් මට එක වෙනසක් නැතිවම දැනෙයි කියලා...🤍 Started - 2024/08/2 End - ?