-කාර්මා
මදි වුනාදෝ දෙවියන් හට නුඹ රුව මවන විටදී කළමනා...
ඒ නිසාදෝ වල ගැසුණු දෙක පුල් අතරේ රැඳුනේ පෙම් සිනා...
මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට...
මදකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුණා ඔය හිත...
ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්..නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං..මට දුකක් නැහැ නුඹත් එහි සතුටින් නම්...
හවස් වරූවට ඉතින් මුහුද කොහොමත් ලස්සනයි...වලාකුළු අතරින් හැන්ගිලා ටිකෙන් ටික නොපෙනි යන හිරූ දිහා බලාගෙන ඉද්දි හිත සැහැල්ලු වෙනවා...ටිකෙන් ටික තැඹිලි පාටට හැරෙන අහස අවට පරිසරයට දෙන්නෙ හරිම ලස්සනක්...වැල්ලෙ ගෙදරකින් රතිඤ්ඤා සද්දයක් පිටවෙද්දි
මුහුදු තිරයෙ ටිකක් අයිනට වෙන්න තිබුන පොල් ගස් වලින් කාක්කො විද්දා වගෙ දුවන්න පටන් ගත්තා...කාක්කෝ රංචු පිටින් එකපාර පියඹලා යද්දි හරිම ලස්සනයි...කාක්කො කැත උනාට මොකද...එ සිද්දිය හුගක් ලස්සනයි...ශිව නරෙන්ද්‍ර සත්‍යන් කාර්තික්
25මන් හිටියෙ බිච් එකට වෙලා..
සින්දුවක් අහගෙන උලුදු වඩෙ වගෙකට වගකියන ගමන්..අවට සිරිනරඹමින්..මන් අහස දිහා බලන එක නවත්තලා අපහු මුහුදෙ රැලි දිහා බලන්න ගත්තා..
මෙ රැල්ල ගත්තොත් අපෙ ජිවිතෙට එන මිනිස්සු වගෙ...එනවා.. යනවා..කවදාවත් නැවතිමක් නෑ...
YOU ARE READING
- කා ර් මා
Saggisticaඔයාව දැක්ක පළවෙනි දවසේ ඔයා ගැන මට දැනුන හැඟීම මම හිතනවා තව කල්පයක් ගිහිල්ලා ඔයාව දැක්කත් මට එක වෙනසක් නැතිවම දැනෙයි කියලා...🤍 Started - 2024/08/2 End - ?