"තාත්තේ එහෙනම් මම උඩට යනවා ඈ. කනකොට කතා කරන්න කියන්න. අම්මා උයන නිසා මම කුස්සිය පැත්තේ ගියේනැ"
"වෙයිට් පුතා. අයි ජස්ට් වොන්න ටෝක් විත් යූ."
"අහ්.. ඔකේ තාත්තේ. ලෙට්ස් ටෝක්.."
"ටේක් අ සිට් පුතා"
"තෑන්ක්ස් තාත්තා"
"පුතා, ගොඩක් මහන්සිද? ප්‍රශ්නයක් නැනේ ද ටිකක් කතා කලාට"
"පොඩ්ඩක් මහන්සි. ඒත් තාත්තා එක්ක කතා කරන්න නං ඒක ගානක් ඇත්තේම නෑ. මොකද්ද තාත්තා කතා කරන්න තියනවා කිව්වේ?"
"අර පුතා කොහෙද ගෙවල් ශාක්‍ය?"
"මොන? කවුරු?"
"අර එදා ආව උස සුදු පුතා. මොකද්ද නම කිව්වේ..... ආ ..... ශෙනාල් පුතා"
යකෝ... අයියගේ නම නේද කිව්වේ? මොන මරාලයක්ද සිරිමලයෝ මේ පාත් වෙන්න හදන්නේ. මෙච්චර සති දෙකක් විතර සාමකාමිව ගෙවිලා ගිහින් දැන්ද තාත්තට අභි අයියා ගැන අහන්න මතක් උනේ? අනේ දෝණීඊඊඊඊහ් චුටී බබාට ඇපත් නැතිවෙන්න යි යන්නේ....!!!!!
"ආ තාත්තේ එයා මහරගම ඉන්නේ"
" ඒ දරුවගේ ගෙදර අය එක්ක එහෙම පුතා කතා කරලා තියනවද?"
"නෑ තාත්තේ. එක දවසයි ගෙදර ගියේ. එදා කවුරුත් ගෙදර ඉදියේ නැ. ඇහුවම නං කිව්වේ කොහේද ගියා කියලා"
"අහ්.... එතකොට ශාක්‍ය ඒ දරුවගේ සම්පුර්ණ නම මොකද්ද?"
මොකාටද යකෝව් මේ තාත්තේ එන්න හදන්නේ. තාත්තා මට සාමාන්‍යෙන් ශාක්‍ය කියලා කියන්නේ පොර හෙනට සීරියස් උන වෙලාවල්වලට විතරයී. මේක නං සීරියස්ම වෙලාවක් තමා මට හිතන්නේ. ඉවරයි පුතෝ උබර්. පපුවත් ගැහෙනවා නිකන් හදවත ගැලවිලා එලියට එන්න වගේ මට.
"ශෙනාල් අනුහස් අභිශේක වනිගසේකර "
"මට යංතං සර්නේම් එක මතකයි අපේ සර්නේම් එකම කියලා"
"ආ ඔව් තාත්තේ. ඔකෙස්ට්රා එකේ කට්ටියත් හිතන්නේ මායි අයියයි නෑදෑයෝ කියලා."
"එහෙම හිතන්න තරම් ම දෙන්නා හරි එකතුයි වගේ ඉස්කෝලේදි නේද?"
"එහෙමත් නැ තාත්තේ. එයා මගේ ස්ටඩිස් වලට හෙල්ප් කරනවා. ඊට පස්සේ මියුසික් වලට හෙල්ප් කරනවා. ඕවා මේවා තමා. පොර හෙන ආඩම්බර චරිතයක්. ඉස්කෝලේදි කා එක්කවත් වැඩිය කතාබහ කරන කෙනෙක් නෙවෙයි ඉතින්"
YOU ARE READING
Aster Monarch
Non-Fiction.... ශ්‍රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම...