මම දෙතුන් පාරක් දොරට තඩිබානකොට ඔන්න මූ ලඳ වගේ ඇවිත් දොරේ අගුල ඇරලා මාව කාමරේට ගත්තා. ඌත් මං වගේම තමා මූණේ තීබුනේ ටිකක් බයවෙච්ච පෙනුමක්. මම දොර ලොක් කරලා උගේ පැත්ත හැරෙද්දිම මේකා හයියෙන් මාව බදාගත්තා. මමත් වචනයක්වත් නොකියා ඒකාව
බදාගත්තා. ටිකකින් මට දැනුනා මගේ උරහිස තෙත් වෙනවා වගේ. හුකනවා..... ලක්කා අඩනවා නේද?????"අඩෝ බල්ලො උබ අඩනවද? නාඩ ඉදින් මයේයම්මා"
"අනේ මට බයයි බන්. තාත්තා ගහවිද දන්නැ. එයාගේ හමුදා පාරවල් වලට මම බයයි බන්. මට සුදු අයියවත් ඕන ගෙදර අයත් ඕන."
"නැ නැ බන්... කෝ හොද එකාවගේ මූණ පිහගෙන ඇදෙන් වාඩිවෙමු"
මම ලක්කට වෙට් ටිශු එකකුත් ගෙනත් දීලා මූණත් උගේ පිහලා ඇදෙන් වාඩි කෙරෙව්වා.. මූ හොදටම අඩනවා. මුගේ හිත හැදුවට මොකද මටත් මු ගැන බයයි. ආර්යන් අංකල් හදිසියෙවත් මුට නෙලුවොත් හෙම හුත්තක්නේ වෙන්නෙ. මූ කියන්නත් වගේ හමුදා පාරවල්නේ කන්න වෙන්නේ. මට මතකයි ලක්කා අටේ දි ද කොහේද ආර්යන් අංකල් මොකක් හරි මේකා කරපු අලුගුත්තේරු වැඩකට ගහල තිබුනේ අංකල්ගේ බෙල්ට් එකෙන්. මේකාගේ පිටේ සති දෙක තුනක් යනකල් නිල්වෙන්න ගහපු බෙල්ට් පාරවල් තිබුනා. මට මේ අස්සේ ඔකත් මතක් උනා.
"අහපන්, මම තාත්තට කියලා ඕක සැරට නොයා ගොඩින් විසදන්න ක්රමයක් හදල දෙන්නම්"
"එයාල කියයිද බන් මේක නවත්තන්න කියලා. අනේ මට එහෙම උනොත් දරාගන්න බැරිවෙයී බන්"
"නැ නැ බන්. මම අපේ තාත්තා දම්මලා ශේප් කරවන්නම්. අනික අපේ තාත්තා නං කීවේ ආර්යන් අංකල් කැමැත්ත දේවි පොඩ්ඩක් බනිවි කියලා "
"අංකලයා මටත් ඔය ටිකම තමා කිව්වේ"
"ඒකනේ කියන්නේ බය නොවි ඉදපන් දැන් ගැනී වගේ අඩන්න එපා. චික් බලපන් අඩල කැත උබේ"
"පලයන් පරයා යන්න. උබටත් බඩු පත්තු උනාද බං"
"ඔව් බං. මම කීවා ඒම දෙයක් නෑ කියලා. තිබ්බොත් කියන්නම් කියලා. තාත්ත නං ටක්කෙටම කිව්වා අයියගේ හිතේ මොනවා හරි තියනවා. කියලා"
"අඩෝ අඩෝ මගෙන් නං උබ ගැන ඇහැව්වේ නැ. නිලූ අයිය ගැන විතරයි ඇහුවේ. අංකලුත් ශේප් වගේ උබට. අපරාදේ කියන්න තිබුනේ"
YOU ARE READING
Aster Monarch
Non-Fiction.... ශ්රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම...