🖤1

249 21 11
                                    

_____________________🖤

"දෙයියෝ ලොක්කම්මේ අර තියන්නේ නෙලුම් කුලුණ නේද? මගේ දෙයියෝ ඒකේ උස!!"

"කට වහපන් සුදු මහත්තයා, ඔය හැටි හූල්ලන්නේ මොකද උබ ? හූල්ලන් නැතුව බලපං!!"

ලොක්කම්මා මට සැර වුනා.... ඒත් ඒ තරවටුවේ තරහක් තිබුනේ නෑ, මං ආයේම කට වහගෙන කොලඹ පුරා තිබුන උස බිල්ඩින් දිහා බලන්න ගත්තා...එකකට එකක් නොදෙවෙනි මහ විසාල බිල්ඩින් කන්දරාවක් තිබුනා....

උදේ පාන්දර හතරේ ඉදන් ඇහැරගෙන ඉදලා දැන් වෙලාව හවස හතරට කිට්ටු කරලා තිබුනත් මේ බංගසාල බිල්ඩින් දැක්කම මගේ මහන්සිය වාෂ්ප වෙලා ගියා.... මේ මම කොළඹ රටට එන දෙවෙනි වතාව... පලවෙනි වතාවේ ආවේ ඉස්කෝලේ පහේ පන්තියේ ඉද්දි ග්‍රහලෝකාගාරේ බලන්න... ඒක බලන්න ආවාට මොකද මට ඇතුලට යනවයි එලියට එනවයි විතරයි මතක....අනිත් වෙලාවේ නින්ද ගියා....

"බහින කරන තැන් හොදට බලා ගනින් සුදු මහත්තයා... අදින් පස්සේ උබ මේවෑ ඇවිදින්න ඕන තනියම.. ගම වගේ නෙවෙයි මෙහේ..පොකට් කාරයෝ වැහි වැහැලා... උඩ බලාගෙන ඇවිද්දොත් ඇදිවතත් නැතුව යනවා..."

ලොක්කම්මා   කියනවා...මම විසාල ගොඩනැගිලි දිහා බලාගෙන ම ඔලුව වනනවා.... උදේ ඉදන් ඊයේ ඉදන් ලොක්කම්මා  ගේ වැඩේම මට කොළඹ රටේ ඉහගහගෙන ඉන්න හැටි උගන්නන එක....

කොළඹ රටේ උන් වාසියට වැඩලු... මෝඩයෙක් බව තේරුනොත් ඇදිවතත් ගලවලා ගන්නවාලු... හිතවත් වුනොත් පන උනත් දේවිලු,  පාඩුවේ ඉන්න තරමට කෝකටත් හොදයිලු....නානාප්‍රකාර උපදෙස්...

අවුරුදු පහලොවේ ඉදලා කොළඹ ජීවත් වෙන ලොක්කම්මා  වුනත් මේ ටවුමේ ඇවීදින්නේ බයෙන්ලු...එහෙව් එකේ මම පරිස්සම් වෙන්න ඕනේලු...එයාට ඉන්නේ මම විතරලු.... දාහක් දේවල් කියනවා... මම ඒ හැමදේම අහගෙන ඉන්නවා.... ලොක්කම්මා මට ආදරේ තරම දන්න නිසාම මම ඒ හැමදේම අවදානෙන් අහගෙන ඉන්නවා...

ලොක්කම්මා  කියන්නේ මගේ අම්මා... කුසින් නොවැදුවත් ලේ කිරි කරලා නොපෙව්වත් මාව හදපු වඩපු අම්මා.... මුලු ජීවිතේම, මුලු තරුණ කාලේම තමන්ගේ පවුල වෙනුවෙන් දිය කරපු ලොක්කම්මා   අන්තිම ට එයාගේ මුලු ජීවිතේම මම වෙනුවෙන් කැප කරන්න තීරණය කරලා තියන්නේ මාසයක් වයස මාව අත්තම්මා ලග දාලා මගේ අම්මා යන්න ගිය දවසේ....

🖤තරු අහස🖤  (Yishan Nonfiction)Where stories live. Discover now