🖤3

96 17 5
                                    

🖤_____________________________

ගමේ ඉස්කෝලේ නම් ඉතින් මේසා විසාල ගේට්ටු තිබුනේ නෑ,  ඉස්කෝලේ ඇරුන ගමන් ගාථා කියලා ඉවර වෙලා පොත් බෑග් එකත් අරගෙන ගාල කඩාගත්ත හරක් රැල වගේ කොහෙන් හරි පාරට පනින්න තමයි කොල්ලො ටික බලන්නේ....

ඒත් මේ ඉස්කෝලේ වටේට ම මහ විසාල තාප්පයක්...ගේට්ටුව ලගට යන්නේ පන්ති පිලිවෙලට දෙන්නා දෙන්නා පෝලිම් ගැහිලා.... මමයි ශාලුකයිත්  පන්තියේ පෝලිමට එකතු වෙලා හිමින් හිමින් ඉස්සරහට ගියා..... ගේට්ටුව ට ටිකක් මෙහායින් පුංචි බේබියි , හෙඩා කියපු නිකිල් අයියයි   දෙන්නා හිටගෙන හිටියා....

පුංචි බේබි  ව දකිද්දීම ශාලුවා මගේ අත මිරිකුවා.... ඊට පස්සේ අපි දෙන්නා ම බේබි   දිහා බැලුවත් බේබි   නෙවෙයිඅපි   දෙන්නා ව සතේකට වත් ගනන් ගත්තේ....

"වසවර්ති පාට වුනාට අපේ බේබියා හෙන හැන්ඩියා නේද තරු?"

බේබී   පහුවෙනවාත් එක්කම ශාලුවා කියද්දී මං ඔලුව වැනුවා.... ඇත්ත ටම බේබි   හරි ලස්සනයි,  ලස්සනයි නෙවෙයි කඩවසම්.... මූනේ හිනා කලදක් නැතත්, මෙලෝ මිනිහෙක් ගනන් නොගන්න ආඩම්බර බැල්මක් තිබුනත් බේබි   ට ඒ විදිය හරියටම ගැලපෙනවා කියලා මට හිතුනා....

"මෙතනින් කොයි පැත්තටද තරුවා!"

ගේට්ටුවෙන් එලියට ආවාම ශාලුවා අහද්දියි මම වටපිට බැලුවේ.... ඉස්කෝලේ පේමන්ට් එක අයින දිගට එක එක වර්ගයේ සැප වාහන නවත්තලා...එකකට එකක් දෙවෙනි නෑ....

"උදේ ආවේ මේ පැත්තෙන් නේ මේ පැත්තට ගිහින් බලමු..."

මම  කියද්දී ශාලුකත් ඉස්සර වුනා.... පාරදිගේ ඉස්සරහට ඇවිදගෙන යද්දි බස් හෝල්ට් එකක් තිබුනත්  පැය බාගයක් විතර අපි  දෙන්නා එතන හිටගෙන හිටියත් පිලියන්දල බස් එකක් එතන්ට ආවේ නෑ.....

"ශාලු මං හිතන්නේ පිලියන්දල බස් මෙතනට එන්නේ නෑ..."

"හ්ම් අපි අර බෝධිය ලගට ගියා නම් හරි බං! එතනින් නගින්න පුලුවන්!!"

"අපි අර පොලිසියේ කෙනාගෙන් අහමු ද තරුවා?"
ශාලුක අහද්දි මං ඔලුව වැනුවා...

"අංකල් බෝධිය ලගට යන්න පුලුවන් කොයි පාරේ ගියොත්ද?"

"මේ පාරේ කෙලින්ම බෝධිය ලගට යන්න පුලුවන් පුතා!!"

🖤තරු අහස🖤  (Yishan Nonfiction)Where stories live. Discover now