🖤5

85 16 4
                                    

"හැමදේම හොදින් සිද්ධ වේයි බන් උබ හිතනවා වැඩියි...කෝ දියන් මං ඔය ටික ලෙලි ගහන්න, උබ ඉදගෙන ඉදපන්කෝ...."

ශාලුවා අතින් පොල් ගෙඩිය ගත්ත මං ඌව බලෙන්ම  පැත්තක තිබුන  බැම්ම උඩින් ඉන්දෙව්වා.....

"අර ගෑනී ආවොත් බනී බං "

ශාලුවා වටපිට බල බල කිව්වා... ඊයේට වඩා අද හැමදේම වෙනස් වෙලා.... එන විදිය සංජු ගෙන් අහගත්ත නිසා වෙලා යන්නේ නැතුව බංගලාවට ආවත්,  කලින් දවස් වල තිබුන නිදහස හොරු ගෙනිහින් තිබුනා....

ලොකු මැණිකේයි ලොකු මහත්තයයි ආපිට ඇවිත් තිබුනා වගේම තවත් කෙනෙක් ඇවිත් හිටියා..... ඒ රීටා නැන්දා.... වලං පාට රීටා අඩි හතරක් විතර උස ඇති, බොකුටු කොන්ඩේ උඩට කරලා බැදලා චීත්ත හැට්ට අදින උන්දා ලොකු මැනිකේගේ තෝල්කයාලු....

ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් නාලා කාලා ඉස්කෝලේ වැඩ කරන්න ගත්තත් උන්දාට ඕන වුනා අපි දෙන්නා ලව්වා පොල් ලෙලි ගස්සවන්න....

බත් කන අතරේයි දැනගත්තේ අසනීපෙන් හිටපු ශාලුවාගේ අත්තා ආපහු ඉස්පිරිතාලේ නවත්තලාලු.... උන්දාට වකුගඩුවක් බද්ධ කරලා ඉන්නේ...වකුගඩු ව දීලා තිබුනේ ශාලුවාගේ අප්පච්චිගේ නන්ගි.... ශාලුගේ නැන්දා.... කසාද මනුස්සයා අලියා ගහලා මැරීලා තියන නැන්දගේ පවුල නඩත්තු කරන්නෙත් ශාලුවාගේ අප්පච්චි වෙච්ච රත්නේ මාමා....

අනේ මන්දා මිනිස්සුන්ගේ ජීවිත වලට කරදර එන්නේ පෝලිමේ....

අත්තට පිළිකාවක් කියලා දැනගත්ත මුල් දවස්වල ලොක්කම්මායි අත්තම්මයි මමයි හීටියෙත් දැන් ශාලුවා වගේමයි... බලාගත්ත අත බලාගෙන ඔහේ කල්පනා කර කර....

ඒත් අන්තිමේ රසාදරී නෝනාගේ උදව්වෙනුයි පහල තිබුන කුඹුරු කෑල්ල විකුණපු සල්ලි වලිනුයි අපි අත්තාගේ ඔපරේෂන් එක කරා.... දෙයියන්ගේ පිහිටයි කියලා දැන් උන්දා කථා බහ කරලා ඉන්නවා... සල්ලි තියන මිනිස්සුට බැදීම් වල වටිනාකමක් නැති වුනාට, සල්ලි නැති දුප්පත් අපි තියෙන සේසතම උගසට තියලා හරි බැදීම් රැකගන්ඩ උත්සාහ කරනවා....

"ආ ඉදගෙන ඉන්ඩ නෙවේ, කෝ කොල්ලෝ ඔය ලෙලි ගහපු පොල් ටික බිදලා ගනින්..."

You've reached the end of published parts.

⏰ Last updated: Oct 20 ⏰

Add this story to your Library to get notified about new parts!

🖤තරු අහස🖤  (Yishan Nonfiction)Where stories live. Discover now