"Out!!"
එක සැරේටම බේබියාගේ ඝන්ඨාර කට ඇහෙනකොට මං ගැස්සිලා ගියා... හත්තික්කේ මං තාමත් මේ වසවර්තියා බීම බොන දිහා බලාගෙන නේද ඉන්නේ... මං දඩබඩ ගාලා කාමරෙන් එලියට යන්න දොර ලගට දිව්වා...
"ඒහ් කොහෙද යන්නේ?"
ආයේත් අහනවා...ඇයි ගල්වැද්දෝ උබ දැන් අවුච් ගාලා මැරෙන්ඩ හැදුවේ... මං දොර ලග නැවතිලා හැරිලා බැලුවා... ඉන්න හැටි බකුසු මොටෙක් වගේ...
"මේවාත් අරගෙන යනවා!!"
ඇස් වලින් බීම විදුරුවයි ට්‍රේ එකයි පෙන්නලා කියනකොට මං ඉක්මනින් ආපිට හැරුනා.... මං ට්රේ එක ගන්න නැවෙනවත් එක්කම බේබි ගේ phone එකට කෝල් එකක් ආවා....16promax එකක්.... අපිට කොහෙන්ද පූසෝ මාලු අපි යන්නෑනේ මුදු කිව්වලු....
තද කලු පාට phone එක දකිද්දී ඇගේ රෝම කූප ඉලිප්පෙනවා... මං එහෙමම හිටගෙන බලාගෙන හිටියා.....
"බේබ් ඉතින් ඩැඩීව මිස් වෙනවද?"
මගෙ දිහා ඇස් කොනින් බලලා බේබි phone එකට උත්තර දුන්නා.... මං ඉක්මනින් බඩු ටික එකතු කරගෙන එන්න ආවා...
''දොර වහගෙන යනවා සයුරු!!"
බේබි කෑ ගැහුවා.... මං දොරේ හැප්පුනා.... සයුරු!!! බේබී කොහොමද මගේ නම දන්නේ.... මං ආපිට හැරිලා බේබි දිහා බැලුවා.... බැල්කනි එකට යන්න තියන වීදුරු දොරෙන් එලියට ගිහින් හිටපු බේබි හිනාවෙවී කථාවක....
මං දොර වහගෙන පහලට ආවා....
"කොහේද උබ ගියේ?"
බත් පිගානත් අතේ තියාගෙන ශාලුවා මූන දෙක කරගෙන බලාගෙන ඉන්නවා...
"බේබිගේ බීම එක දෙන්ඩ ගියා... කෝ ලොක්කම්මා..."
මගෙ බත් පිගානත් අරගෙන ශාලුවාගේ එහා පැත්තෙන් පඩිය උඩ ඉදගත්ත මං බත් එක අනන්න ගත්තා....
"රසාදරී නෝනායි බිමල් මහත්තයයි වගේ නෙවෙයි පුංචි බේබි තනිකරම ලොකු මැනිකේගේ අච්චුවේ වගේ බං...."
ශාලුවා බත් කටක් කාලා මගේ දිහා බලලා කියනවා...මං ඔලුව හරවලා උගේ දිහා බැලුවා....
"උබ එනකම් මං අර දාස සීයා එක්කලා පොඩි කයියක් දැම්මා.... උන්දා කිව්වේ ලොකු මැනිකේ ආවම නම් උබලට ඔහොම නිදහසේ ඉන්ඩ හම්බෙන් නෑ කොල්ලෝ කියලා!!"
YOU ARE READING
🖤තරු අහස🖤 (Yishan Nonfiction)
غير روائيදඩබ්බර අහස්ගෙයි අහිංසක තරුල්ය ගෙයි ආදරනීය ආදර කතාව... 24/08/23 RAYA