01

122 11 2
                                    


ඉටිපන්දම් සුවදින් මුළු කොච්චිකඩේ පල්ලිය හමා යද්දි පල්ලියේ ශාලාව ඇතුලේ හැමෝම පුජාව අවසන් වෙලා එකිනෙකා ඔවුන් වෙනුවෙන් නිහඩව දෙවියන්ට කන්නලව් කරගෙන හිටියා.

පුතා යමුද?

පල්ලියෙන් එලියට ආව අතපත්තු ඔහුගේ ලොකු පුතාට කතා කරේ ඉටිපන්දම් පත්තු කරන්න ආයේ යන්න සැරෙසන එයාගේ පොඩි පුතාව බලාගෙන ,

අනේ තාත්ති ඉන්න මම ඉක්මනින් එන්නම් , අම්මි එන්නකෝ යමු..

ඇති පොඩී දැන් ඔයා ගොඩක් ඉටිපන්දම් පත්තු කරා නේ , ඇතුලේ සෙනග වැඩියි ආයේ ඇතුලට ගියොත් අපිට යන්න පරක්කු වෙයි, ඒක නිසා මැණික ඕක ගෙදර ගිහින් පත්තු කරන්න.

තමන්ගේ අතේ තියෙන ඉටිපන්දම් ටික පත්තු කරන්න ආසාව තිබ්බත් අම්මා කියන දේ ඇත්ත නිසා තවත් මුකුත් නොකිය අම්මත් එක්ක ගෙදර යන්න ලෑස්ති වුණා,

අයියෝ මොකද්ද බං ඔය මුණ , කෝ එනවා මාත් එක්ක යන්න ඉටිපන්දම් ටික පත්තු කරලා එමු ,

එහෙම කිව්ව ෂෙරාන් එහෙමත් නැත්තම් ඩිලාන් ෂෙරන්ත අතපත්තු වන අතපත්තු පවුලේ ලොකු පුතා කොහෙන්දෝ අර ගත්ත ලොකු ඉටිපන්දම් ටිකක් අතේ තියන් ඉන්න අතපත්තු පවුලේ බඩපිස්සව එක්කන් ගියා , අයියවයි මල්ලිවයි බලපු අතපත්තුයි විනූෂයි පැත්තකට ගියේ ගිය දෙන්නා එනකම් ඉන්න .

මේ ලොකූ මං අර ලුණු ටිකකුත් අරන් එන්නම් හොදේ .

තමුසෙව ආයේ ඉටිපන්දම් පත්තු කරන්න ගෙනාව එක තමයි මගේ වැරද්ද , හරි හරි ඉක්මනින් එනවා හොදේ .ගෙදර යන්න ඕන පොඩී අරුන් ආවම කන්න දෙන්න එපැයි , කලින් ගියොත් තමයි අම්මිට වැඩ ටික කරන්න පුළුවන්

ෂෙරාන් කියද්දී අතපත්තු පවුලේ පොඩි එකා හිනා වෙලා ඉක්මනින් එතනින් ගියේ සෙනග වැඩි වෙන්න කලින් තමන්ගේ කාර්ය්‍ය කරන්නයි.

හරි හරි මම ඉක්මනින් එනෝ!!

පැය බාගයකටත් වැඩි වෙලාවකට පස්සේ ඇදන් හිටපු සුදු පාට ටීෂර්ට් එකේත් ජරාව ගාගෙන ලුණු වගේකුත් අතේ ගුලි කරගෙන ෂෙරාන් ලගට දුවලා ආපු අතපත්තුගේ පොඩි පුතා දිහා එහෙමත් නැත්තම් තමන්ගේ මල්ලී දිහා ෂෙරාන් අමුතු විදිහට බලන ගමන්,

ජීවිත තනුවWhere stories live. Discover now